IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සේනා දළඹුවන් මර්දනයට නව සොයාගැනීම්

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
රට තුළ විශාල වශයෙන් ක්‍රියාත්මක වන ව්‍යවසනකාරී සේනා දළඹු විනාශය පිළිබඳව රජය ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව සෑහීමකට පත් විය නොහැකි බවත් වහාම දේශීය නව සොයාගැනීම් හරහා සේනා දළඹු මර්ධනය කිරීමට සූදානම් වෙන්න යැයි  සමස්ත ලංකා ගොවිජන සම්මේලනය රජයෙන් ඉල්ලීමක් කර සිටියි.

රජය ගන්නා ක්‍රියාමාර්ග සඳහා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සහයෝගය ලබා දීමට එකඟත්වය පළකර බවද සඳහන් කළේය.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අද (09) මාධ්‍ය හමුවක් දඹුල්ලේදී කැඳවා තිබිණි. එම අවස්ථාවට සේනා දළඹු මර්දනය සඳහා දේශීය ප්‍රතිකර්ම සොයාගත් දේශීය නව නිර්මාණකරුවන් කිහිපදෙනෙකුද කැඳවා තිබිණි.

මාධ්‍ය හමුවේ දී ඔවුන් විසින් රැගෙන ආ සේනා දළඹු  මර්දනය කිරීම සඳහා සූදානම් කර තිබූ නිෂ්පාදනය කළ දියරයක්ද ප්‍රදර්ශනය කරමින් එය ඉසීමෙන් විනාඩි කිහිපයක් තුළ සේනා දළඹුවා මිය යන ආකාරයද පෙන්වා දීම විශේෂත්වයකි.
 මිනිස් සිරුරට හෝ මහ පොළොවට කිසිදු වසක් විසක් නොමැතිව  සේනා දළඹුවා විනාඩි කිහිපයක් තුළ සම්පූර්ණයෙන්ම විනාශ කිරීමේ මෙම ක්‍රියාවලිය පිළිබඳව රජයට දැනුම් දුන්නද කොතෙක් ඒ සඳහා අවධානය යොමු නොවීම නිසා මේ තත්ත්වය මාධ්‍ය හමුවේ දී ඔවුහු අවධාරණය කළහ.

මෙහිදී අදහස් දැක්වූ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා කියා සිටියේ මාකඳුරේ මධූෂ් නැමති පාතාල සාමාජිකයාගේ සිද්ධියත් සමග සේනා  දළඹු  විනාශය  ජනතාවගෙන් හොර රහසේ ඉවත් කිරීමේ අමතක කිරීමේ උත්සාහයක නිරතව සිටින බවය. දේශීය  සොයාගැනීම් උපයෝගී කරගෙන දළඹුවන් මර්දනය කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොකළහොත් ඉදිරියේදී බෝග රැසකට දැඩි අවධානම් තත්වයක් පවතින බවද පෙන්වා දුන්නේය.

මේ අවස්ථාවේදී දේශීය පර්යේෂකයෙකු වූ ආචාර්ය අශෝක රන්වල මහතා, රසික සමන්ප්‍රිය  ජේ .ඒ .ඩබ්ලිව් .එල් .ප්‍රියදර්ශන, සසික සමන්ප්‍රිය යන නවක සොයාගැනීම් සිදුකල පිරිසද අදහස් දක්වමින් කියා සිටියේ දේශීය සොයාගැනීම් වලින් සේනා දළඹු උවදුර සම්පූර්ණයෙන්ම රටෙන් ඉවත් කළ හැකි බවය.



අදහස් (0)

සේනා දළඹුවන් මර්දනයට නව සොයාගැනීම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 247 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site