(මොහොමඩ් ආසික්)
කෘෂි බෝග රැසකට හානි කරමින් රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින සේනා දළඹුවාගේ හානිය අපනයන කෘෂි බෝගවලටද ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බව අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ. පී. හීන්දෙන්ද මහතා ප්‍රකාශ කරයි.
අද (24) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙසේ කීය.
"දැනට බඩ ඉරිඟු ඇතුළු බෝග රැසකට හානි කරන සේනා දළඹුවාගේ හානිය තවමත් අපනයන කෘෂි බෝගවලට මෙරටින් වාර්තා වී නොමැති වුවත් වෙනත් රටවල් දෙස බලන විට ඇතැම් අපනයන කෘෂි බෝගවලටද මෙම දළඹුවා හානි කර ඇති බව දක්නට ලැබෙන ලැබනවා.
අපේ රටෙත් ඉගුරු, බුලත්, කහ සහ කරඳමුංගු වැනි අපනයන බෝගවලට මෙම සේනා දළඹුවාගෙන් අනතුරුදායක තතවයක් මතුව ඇති බැවින් ගොවීන් වඩාත් සැළකිල්ලෙන් තම වගාවන් නිරීක්ෂණය කළ යුතුයි. යම් සැක කටයුතු දළඹුවෙකු හෝ ඒ හා සමාන සතෙකු දක්නට ලැබුණ හොත් වහාම තම දෙපාර්තමේන්තුවට හෝ තමනට පෞද්ගලිකව දන්වන්න" යැයි අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ. පී. හීන්කෙන්ද මහතා තව දුරටත් ඉල්ලීමක් කළේය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
‘සේනා’ කෘෂි අපනයන බෝගවලටත් යාමේ අවදානමක්