(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පල්ලම සෙන්ගල් ඔය අමුණ පැති බැම්ම කඩා ගෙන යාමෙන් ආරච්චිකට්ටුව ඇතුළු ප්‍රදේශ ගණනාවක් දැඩි අවදානමකට ලක්ව ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රංජීත් අලහකොන් මහතා අද (22) පැවසීය.
මෙම සෙන්ගල් ඔය අමුණේ පස් වලින් සකසා තිබූ එක් පැති බැම්මක් අධික ජල කඳට කැඩි යාම ආරම්භ වී තිබු අතර අද (22) වන විට එය බරපතල ලෙස කැඩී යාමට ලක්ව ඇත.
ආරච්චිකට්ටුව ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශයේ ආනවිලුන්දාව රැම්සා අභය භූමිය ඇතුළු වැව් පද්ධතියට දැදුරු ඔයෙන් ගලා යන ජලය සෙන්ගල් ඔය අමුණ හරහා රැගෙන ඒමේ අරමුණින් මෙම අමුණ ඉදිකිරිම 2018 වසරේ මැයි මාසයේ 18 දින ආරම්භ කෙරිණි.
මෙයට පෙර මෙම අමුණ සකස් කර තිබුණ ද එය නිසි ලෙස සකස් කර නොතිබිමෙන් දැදුරු ඔයේ දැවැන්ත ජල කඳට කඩා ගෙන ගොස් තිබිණි.
කෙසේ නමුත් ජනතාව චෝදනා එල්ල කරන්නේ දැදුරු ඔයේ දැවැන්ත ජල කදට සෙන්ගල් අමුණේ පස් පැති බැම්ම නොගැලපෙන බව දැන දැනම නිළධාරින් එය එලෙසම සකස් කිරීමෙන් මෙලෙස කඩාගෙන ගොස් ඇති බවයි.
අමුණ කැඩි යාමත් සමඟ එයින් ගලා එන අධික ජල කඳ හේතුවෙන් පහළ පිහිටි ගම්මාන රැසක් ජලයෙන් යටවිමේ අවදානමක් පවතින බවත් මේ නිසාම කුඹුරු විශාල ප්‍රමාණයක් ජලයෙන් යටවී තිබේ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
සෙන්ගල් ඔය අමුණ කඩා ගෙන යයි