IMG-LOGO

සුදූ කෙළිමින් සිටි පුද්ගලයින් 7 ක් හික්කඩුවේ තිරාණගමින් අල්ලයි

(ඩී.ජි.සුගතපාල)
සංචාරක මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් හික්කඩුව තිරාණගම දෙමහල් නිවසක පවත්වාගෙන ගිය සූදු පොලක් වටලා සුදූ කෙලිමින්  සිටි පුද්ගලයින් 7 දෙනෙකු අත් අඩංගුවට ගත් බව ගාල්ල කොට්ඨාස දූෂණ මර්ධන අංශය පවසයි.
 
දුරකතන ඇමතුම්දි කලින් වේලාව වෙන්කරගෙන වාහනවලින් පැමිණෙන අය පමණක් මෙම සුදු පොලට ඇතුලත් කර ගන්නා අතර නිවස වටා අඩි 15ක් පමණ උස තාප්පයක්ද ගේට්ටුවක්ද ඉදිකර තිබිම නිසා වෙනත් බාහිර පුද්ගලයින්ට කිසිසේත්ම ඇතුලුවිමට නොහැකිවි ඇත.
 
මේ පිළිබඳව පොලිසියට ලැබුණ තොරතුරු අනුව දූෂණ මර්දන අංශයේ නිලධාරින් ලොරියක් ගෙන රියදුරු ලෙස පොලිස් කොස්තාපලවරයෙක්ද ඔහුගේ පෙම්වතිය ලෙස පොලිස් කාන්තාවක්ද ඉදිරිපස අසුනේ හිඳුවා පොලිස් නිලධාරින් ලොරියේ පිටුපස සැඟව මෙම නිවස ඉදිරිපිට ගේට්ටුව අසලට ගොස් නවතා ඇත.
ටික වේලාවකදි නිවසේ සිට පැමිණි පුද්ගලයෙකු ලොරිය අසලට පැමිණ බලා ගොස් පෙම්වතුන් යුවලක් සිටින බවත් සැකයක් නොමැති බවත් සුදු පිටියේ අයිතිකරුට පවසා ඇත.මේ අතර සුදු පොලට ඇතුලුවිම සඳහා පුද්ගලයෙකු පැමිණ මෝටර් රථය ගේට්ටුව අසල නතර කල අවස්ථාවේ නිවසේ උඩු මහලේ සිට බැලු පුද්ගලයෙකු ගේට්ටුව විවෘත කරන ලෙස ගේට්ටුකරුට දන්වා ඇත.

 ඒ අනුව ගේට්ටුව විවෘත කරනවාත් සමගම ලොරියද ඇතුලුකර එක් වරම එහි සැඟව සිටි පොලිස් නිලධාරින් සුදු පිටියේ සිටි පිරිස අන්ද මන්ද කරමින්  සුදු පිටිය වටලා හත් දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත.ඒ වනවිට රුපියල් ලක්ෂ ගණනක් දිනාගත් තිදෙනෙකු එම ස්ථානයෙන් පිටව ගොස් තිබින.
 
අත් අඩංගුවට ගෙන ඇත්තේ හික්කඩුව.රත්ගම, අම්බලන්ගොඩ, මිටියාගොඩ,තෙල්වත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් හත් දෙනෙකි.පරික්ෂණවලදි අනාවරණයවි ඇත්තේ ඔවුන් රැකියාවට සුදු ක්‍රිඩාවේ යෙදෙන පිරිසක් බවය.
 
සැකකරුවන් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
 



අදහස් (0)

සුදූ කෙළිමින් සිටි පුද්ගලයින් 7 ක් හික්කඩුවේ තිරාණගමින් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site