IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


සුදුසුකම් ඇති විදුහල්පතිවරයෙකු දෙන්නැයි සිසුහු විරෝධතාවක

(රංජිත් රාජපක්ෂ)                       
 
හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන මස්කෙළිය සාමිමලේ ගවරවිල මහ විද්‍යාලයේ සිසු සිසුවියෝ සහ මව්පියවරු අද(03) විරෝධතාවක නිරතවූහ.
 
දේශපාලන බලපෑමක් මත විදුහල්පති තනතුර සඳහා සුදුසුකම් නොමැති අයෙකු තම පාසලට නව විදුහල්පතිවරයා වශයෙන් පත් කර එවා ඇති බවත් පවසමින් ඔවුහු විරෝධතාවයේ යෙදුණහ.
 
සිසු සිසුවියන් 1000ක් පමණ අධ්‍යාපනය ලබන එම පාසලේ මෙතෙක් කල් විදුහල්පතිවරයා වශයෙන් කටයුතු කළ අයෙකු දෙමව්පියන්ගේ සහ සිසු සිසුවියන්ගේ ඉල්ලීම මත වෙනත් පාසලකට මාරු කිරීමට හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා කටයුතු කර තිබුණි. නව විදුහල්පතිවරයා අද වැඩ භාරගැනීමෙන් පසුව ඔවුහු විරෝධතාවයේ යෙදුණහ.
 
සාමිමලේ හැටන් ප්‍රධාන මාර්ගය සාමිමලේ ඕල්ටන් මංසන්ධියෙන් දක්වා අවහිර කරමින් පැවති මෙම උද්ඝෝෂණය හේතුවෙන් ගමනාගමන කටයුතු පැය දෙකකට ආසන්න කාලයක් සම්පූර්ණ ඇනහිටියේය.
 
මස්කෙළිය පොලිසියේ නිලධාරීන් පැමිණ ගැටලුවට කඩිනමින් විසඳුමක් ලබාදෙන බවට දුන් පොරොන්දුවක් මත උද්ඝෝෂණය තාවකාලිකව නතර කිරීමට එම පිරිස කටයුතු කළහ.



අදහස් (0)

සුදුසුකම් ඇති විදුහල්පතිවරයෙකු දෙන්නැයි සිසුහු විරෝධතාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31865 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14333 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11182 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 247 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1188 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 341 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site