IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සතියක් ඇතුළත අකුණුසැර වැදී 6ක් මරුට

(ඩයනා උදයංගනී)
 
අකුණු අනතුරු හේතුවෙන් ගත වූ සතියක පමණ කාලයේදී මරණ 6ක් වාර්තා වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
         
මෙම අනතුරුවලින් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි ද එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
         
මින් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ උතුරු පළාතෙනි.

යාපනය දිස්ත‍්‍රික්කයේ උඩුවිල් ප‍්‍රදේශයෙන් මරණ තුනක් හා මුලතිව් දිස්ත‍්‍රික්කයේ පුදුකුඩිඉරිප්පු ප‍්‍රදේශයෙන් එක් මරණයක් වශයෙන් මරණ හතරක් වාර්තා වී ඇත. 
         
උඩුවිල් ප‍්‍රදේශයේ සිදුවූ අකුණු අනතුරකින් ඉකුත් 16 වැනිදා පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවන් දෙදෙනකු මිය ගිය අතර ඉකුත් 19 වැනිදා පුදුකුඩිඉරිප්පු ප‍්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් තරුණයෙකු මිය ගොස් ඇතැයි කොඩිප්පිලි මහතා ප‍්‍රකාශ කළේය.
         
මීට අමතරව උතුරු පළාතේ උඩුවිල් ප‍්‍රදේශයේම ඉකුත් 17 වැනිදා සිදුවූ අකුණු අනතුරකින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර පුදුකුඩිඉරිප්පු ප‍්‍රදේශයේ දී සිදුවූ අකුණු සැරවැදීමේ සිද්ධියේදී ද අයෙක් තුවාල ලබා ඇති බව ඔහු කීවේය.
         
වයඹ පළාතේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ගිරිබාව ප‍්‍රදේශයේදී ඉකුත් 13 වැනිදා ඇතිවූ අකුණු අනතුරකින් ද අයෙක් මියගොස් ඇති අතර, උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ රඹෑව ප‍්‍රදේශයේ සිදුවූ අකුණු අනතුරකින් ද අයෙක් මියගොස් තිබේ.
 
ඉදිරි දිනවලදීත් ප‍්‍රබල අකුණු ඇතිවිය හැකි බැවින් අනතුරු වළක්වා ගැනීමට කටයුතු කරන්නැයි ජනතාවට දැනුම්දීමක් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් පැවසුවේය.



අදහස් (0)

සතියක් ඇතුළත අකුණුසැර වැදී 6ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32260 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14748 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 80 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 356 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1275 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site