(එස් .ඩී .කොඩිකාර )
දෙනියාය ,පල්ලෙගම සත්මාල ඇල්ලේ දිය නෑමට ගිය පිරිසක ගෙන් එක් පුද්ගලයකු දියේ ගිලී මිය ගොස් ඇති අතර ඔහුගේ සිරුර අද (25) පෙරවරුවේ නාවික හමුදාව විසින් සොයා ගත් බව දෙනියාය පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ (29) හැවිරිදි විතානගේ හර්ෂ කුමාර නැමැති අවිවාහක රත්නහැර ගෙවත්ත දූව,මලලගම ,හබරාදූව ලිපිනයේ පදිංචි පුද්ගලයෙකු බව පොලිසිය පවසයි.
පවුලේ සාමාජිකයින් සමඟ ඊයේ (24) සවස 5.00 පමණ සත් මාල ඇල්ලට දිය නෑමට ගිය අවස්ථාවේ එහි දෙවන ඇල්ලේ දිය නාමින් සිටින අවස්ථාවේ මෙසේ දියේ ගිලී ඇති අතර එම අවස්ථාවේ ඔහුගේ සිරුර සොයා ගැනීමට නො හැකි වීමෙන් පොලිසිය කළ දැනුම්දීමක් මත නාවික හමුදා නිලධාරීන් පැමිණ අද (25) පෙරවරුවේ ගලක් තුළ සිරවී සිටි පුද්ගලයාගේ සිරුර ගොඩට ගත්තේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
සත්මාල ඇල්ලේ දියනෑමට ගිය තරුණයෙක් මරුට