( මොහොමඩ් ආසික්)
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සතුන් අතර පැතිර යන මුඛ හා කුර රෝගය පාලනය කිරීම සඳහා මධ්‍යම පළාත තුළද සතුන් ප්‍රවාහනය කිරීමේදී දැඩි කොන්දේසි පනවා ඇතැයි බව මධ්‍යම පළාත් සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ආර්. එම්. කේ. පී.රාජනායක මහත්මිය ප්‍රකාශ කළාය.
මේ වන විට මධ්‍යම පළාතෙන්ද වාර්තා වන ගවයින් අතර පවතින මුඛ හා කුර රෝගය සම්බන්ධයෙන් පළාත් අධ්‍යක්ෂිකා වෛද්‍ය රාජනායක මහත්මියගෙන් විමසූ අවස්ථාවේදී ඒ බව සඳහන් කළාය.
සතුන් අතර පැතිර යන මුඛ හා කුර රෝගය මේ වන විට මධ්‍යම පළාතේද ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වන බැවින් මින් ඉදිරියට මධ්‍යම පළාතෙන් පිටතටත් පිටතින් මධ්‍යම පළාත තුළටත් සතුන් ප්‍රවාහනය හැකි තාක් නවත්වා ගන්නා ලෙස ගොවීන්ට උපදෙස් ලබා දෙන බවත් ඉතාම අත්‍යාවශ්‍ය අවස්ථාවකදී සතෙකු ප්‍රවාහනය කිරීමට අවශ්‍ය වුවහොත් පමණක් එම සතාට රෝගය වැළැක්වීමේ එන්නත ලබා දී සති දෙකක් සතා සම්බන්ධයෙන් අධීක්ෂණය කර රෝග පරීක්ෂාවකින් පසුව පමණක් එම සතා ප්‍රවාහනයට අවසර ලබා දෙන බවත් අධ්‍යක්ෂිකා වෛද්‍ය ආර්.රම්. කේ.පී. රාජනායක මහත්මිය තව දුරටත් සඳහන් කළාය.
2025 නොවැම්බර් මස 17
3
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
853
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2491
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
සතුන් ප්‍රවාහනයේදී මධ්‍යම පළාතේ දැඩි නීතී