(සනත් ගමගේ)
හම්බන්තොට බදගිරිය තම්මැන්නාව අනුක්කන් වැව ආසන්නයට දිය බීමට පැමිණි තිත් මුවෙක් හා ඉත්තෑවෙක් දඩයම් කළ පුද්ගලයෙකු හා මස් විකිණිමේ නිරත වූ පුද්ගලයෙකු අද (10) අත්අඩංගුවට ගත් බව හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක නිලධාරී කේ.ජී සමන් පාලිත මහතා කීය.
මේ දිනවල අවුරුදු වෙනුවෙන් දඩමස් සඳහා හොඳ ඉල්ලුමක් පැවැතීම හා පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ වන සතුන් ජලය සොයා වැව් ආසන්නයට පැමිණෙන හෙයින් දඩයම් කරුවන් නිරන්තරයෙන් කැළයේ සැරිසරන නිසා වැටලීම් දිනපතා සිදු කරන ලෙසට දකුණු කලාපය භාර සහකාර අධ්‍යක්ෂ ප්‍රසන්ත විමලදාස මහතාගේ උපදෙස් ලබා දී ඇති බවද ඒ මහතා පැවැසීය.
වැටලීමේදී ගිණි අවියක් සමඟ මරණ ලද ඉත්තෑවකුගේ සිරුරක් සහ මස් කපා ඉවත් කරගෙන තිබූ තිත් මුවකුගේ හමක් සමඟ හිසක් අනුක්කන් වැව ප්‍රදේශයේදී සොයා ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ලද තොරතුරු මත මුව මස් විකිණිම සිදු කළ අනික් පුද්ගලයාද අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් දෙදෙනාම බදගිරිය ප්‍රදේශයේ පදිංචි කරුවන් බව වනජීවී නිලධාරීහු කියති.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
සතුන් දඩයම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට