එච්.එම්.ධර්මපාල
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් දිවයිනේ පින්නවල අලි අනාතාගාරය, ගෝනපොල සත්ව ගොවිපල, හම්බන්තොට සෆාරි උද්‍යානය ඇතුළු සියලුම ආයතනවල වෘත්තීය සමිති එකමුතුවක් අද (7) කෑම පැයේ සංකේත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වනු ලැබීය.
දැනට ගෙවන අනතුරු දීමනා රුපියල් 2500/- රුපියල් 7500/- දක්වා වැඩි කරන ලෙසත් දැනට ගෙවන පැමිණීමේ දීමනාව රුපියල් 1000/- රුපියල් 2500/- දක්වා වැඩිකරන ලෙසත්, අභ්‍යන්තර පුරප්පාඩු තනතුරු සඳහා පුහුණු පැරණි සේවකයින් සිටියදී පිටස්තර තනතුරු සහිතව බඳවා ගැනීමටත් විරෝධය පළ කරමින් මොහුවු මෙලෙස විරෝධතාවයේ නිරත වෙති.
තවද මේ සඳහා අමාත්‍යංශයට දින 7 ක කාලයක් ලබාදෙන ලෙසත් සාර්ථික පිළිතුරක් ලබානොදුන හොත් අඛණ්ඩ වැඩවර්ජනයකට යන බවත් වෘත්තීය සමිති එකමුතුව ක්‍රියාකරන බවත් සමස්ත ලංකා පොදු සේවක සංගමයේ හා සත්වෝද්‍යාන ක්‍රියාකාරී වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩබ්ලිව්. ප්‍රියන්ත මහතා පැවසීය.


2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
892
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
619
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සත්ත්ව දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති එකමුතුව කෑම පැයේ උද්ඝෝෂණයක්