IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


සත්ත්ව ගොවිපොළකින් ලක්ෂ 60ක භාණ්ඩ සොරාගත් 5ක් අත්අඩංගුවට

( ලලිත් නවරත්න)
 
පල්ලම නාගවිල ප‍්‍රදේශයේ මහාපරිමාණයේ සත්ව ගොවිපළකින් රුපියල්  ලක්ෂ 60ට අධික භාණ්ඩ තොගයක් හොර රහසේම වෙනත් ආයතනයකට  විකුණාදැමූ එම ආයතනයේ සේවකයින් දෙදෙනෙකු සමඟ පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගත්බව පල්ලම පොලීසිය පවසයි.
 
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ නාගවිල ආඩිගම සහ පල්ලම ප‍්‍රදේශවල පදිංචි පුද්ගලයින් පස්දෙනෙකි.
 
මෙම සත්ව ගොවිපලට අයත් ඉඩමේ ප‍්‍රමාණය  අක්කර 25ක් වන අතර එම ගොවිපළ තුළ කුකුළන් 20000 ප‍්‍රමාණයක් මස් සහ බිත්තර සඳහා ඇතිකර ඇත. මීට වර්ෂයකට පමණ ඉහතදී මෙම ඉඩමේ හෝටලයක් ඉදිකිරීම සඳහා මෙම ගොවිපලේ කුකුලන් ඇතිකිරීම නවතා ඇත.
 
ඒ අනුව මෙම ඉඩම හා එහි වටිනා භාණ්ඩ තොගය රැකබලාගැනීම පිණිස මුරකරුවන් දෙදෙනෙකු නවතා ඇතිඅතර මෙම පුද්ගලයින් විසින් ගොවිපළට  සම්බන්ධ නැති බාහිර පුද්ගලයින් තිදෙනෙකු යොදාගෙන ගොවිපළට අයත් කටුකම්බි රෝල් 350ක්,  ගෘහභාණ්ඩ සඳහා යොදාගන්නා වටිනා  කෙම්පස් ලිතොගයක් , නානකාමර , උපකරණ තොගයක්,  වායු සම්පිණ්ඩන යන්ත‍්‍ර 5ක් විදුලි උත්පිදන යන්ත‍්‍රයක්,  ඇතුලූ උපකරණ තොගයක් මෙසේ සොරකම්කර වෙනත් ආයතනයකට අළෙවිකර ඇත. 
 
මෙම උපකරණ තොගය අවස්ථා කීපයකදී සොරකම්කර ඇතිබව සිදුකළ පොලිස් විමර්ෂණ වලදී හෙළිවී ඇත. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

සත්ත්ව ගොවිපොළකින් ලක්ෂ 60ක භාණ්ඩ සොරාගත් 5ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 163 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 95 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1691 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site