(ජේ.කේ.එල් චාමින්ද)
අගමැති ධූරය රනිල් වික්‍රමසිංහ මහතාට නොදෙන බව පවසන්නේ එක්සත් ජාතික පක්ෂය දෙකට තුනට කැඩීමේ අදහසින් මිස පක්ෂයට හෝ සජිත් ප්‍රේමදාස මහතාට ඇති ආදරයකට නොවන බවද පක්ෂයේ ප්‍රතිසංවිධානයක් ඉල්ලූ මිනිසුන් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියට ගෙන ආයුතු අවස්ථාවේ ඉදිරියට ගෙන එනු ඇතැයි ද ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා පවසයි.
මේ අදහස් පැවසුවේ අද (4) බද්දේගම උන්නවිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා මෙසේද පැවසීය.
දැන් මේ වෙකොට අභියාචනාධිකරණයෙන් දීපු තීන්දුවත් එක්ක මේ රටේ දේශපාලනය උඩු යටිකුරු වෙලා තියෙන්නේ. දැන් මේ ලංකා භූමියේ මහ පොලොව මත අගමැතිවරයෙකුත් නෑ ඇමති මණ්ඩලයකුත් නෑ.
මහජන ඡන්දයෙන් පත් වෙච්ච මේ ආණ්ඩුව පාලනය කරන ජනාධිපති විතරයි ඉන්නේ. ඉතින් මේක රට අරාජික තත්වයට පත් කිරීමක්. මේ රට අස්ථාවර කරන්න පාර කැපුවේ කතානායකවරයයි කියලා ඉතාම පුහු සහ පටු අවලාදයක් නගමින් ඉන්නවා ඩලස් අලහප්පෙරුම මහත්තයා.
එතුමාට මම කියන්න කැමතියි එක දේශපාලන කෝනෙක එල්ලිලා පටු තැනක ඉන්නේ නැතිව අලහප්පෙරුම මහත්තයෝ වැඩේ අලකරගෙන තියෙන්නේ ඔබතුමන්ලාගේ උපදෙස් පිට කටයුතු කරපු ජනාධිපතිවරයාද වෙන කවුරුවත්ද කියලා ගිහිල්ලා හොඳට සිහි නුවණින් කල්පනා කරන්න කියලා මම එතුමට කියනවා.
2025 දෙසැම්බර් මස 18
308
1
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
'සජිත් ගේන්න ඕනෑ වේලාවට පක්ෂය ගෙනෙයි’