IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


සංචාරක බස්රථ හිමියන්ගේ සංගමයෙන් රජයට චෝදනාවක්

(නිමල කොඩිතුවක්කු)

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු සංචාරක ක්ෂේත්‍රය සඳහා රජය සහන ලබාදී ඇති බව පැවසුවත් මේ දක්වා කිසිඳු සහනයක් ලැබී නොමැති බව සංචාරක බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති නීල් ජයතිස්ස මහතා ලංකාදීපයට පැවැසීය.

මේ හේතුවෙන් ණය වාරික සහ ලීසිං ගෙවා ගැනීමට නොහැකිව සංචාරක බස්රථ හිමියන් දැඩි අසරණ තත්වයකට පත්ව ඇතැයිද ඔහු සඳහන් කළේය.

පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමඟ සංචාරක ක්ෂේත්‍රය කඩා වැටීම හේතුවෙන් වසරක කාලයක් සඳහා  සංචාරක ක්ෂේත්‍රයේ නියුතුවූවන්ට ණය වාරික සහ ලීසිං ගෙවා ගැනීමට සහන ලබා දී ඇති බවට රජය පැවසුවත් එවැනි කිසිඳු  සහනයක්  ලැබී නොමැති බවත්  ජයතිස්ස මහතා කීවේය.

ලීසීං  වාරික ගොවා ගැනීමට නොහැකි වූ සංචාරක බස්රථ  වාරික නොගෙවීම මත ලීසිං සමාගම් විසින් රැගෙන යාමට  කටයුතු කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

සංචාරක කර්මාන්තය යළි යථාතත්වයට පත්වීම සඳහා මේ වසරේ නොවැම්බර් පමණ වන බැවින් එතෙක් සහන ලබාදෙන ලෙසට  නව රජයෙන් ඉල්ලා සිටින බවත්  ජයතිස්ස මහතා පැවැසීය.

එමෙන්ම සංචාරක බස්රථ හිමියන් මුහුණ දෙන ගැටළු ගැන සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙසට  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (0)

සංචාරක බස්රථ හිමියන්ගේ සංගමයෙන් රජයට චෝදනාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31915 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14373 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11197 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 8 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 259 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1205 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site