IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


සංචාරකයන් වැඩි වෙද්දී ගාල්ලේ තිතට මත

පොලිසිය මගින් දිගින් දිගටම සිදුකරන වැටලීම් නිසා ගාල්ල දිස්ත්‍රික්කයේ නීති විරෝධී මත්පැන් යම් ප්‍රමාණයකට අඩු වී ඇතත් සංචාරක ව්‍යාපාරය නිසා ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය වැඩිවී ඇතැයි ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.

පසුගියදා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේ ගාල්ල දිස්ත්‍රික් ප්‍රගතිය සම්බන්ධව සාකච්ඡාව අවස්ථාවේ දී මෙම කරුණු අනාවරණය විය.

සහකාර දිස්ත්‍රික් ලේකම් චතුරංග ගුණසේකර මහතා පැවසුවේ ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කොට්ඨාසය තුළ පසුගිය දෙසැම්බර් මාසයේ පමණක් මත්ද්‍රව්‍ය නිවාරණයට අදාළව වැටලීම් 615ක් සිදු කර නෛතික ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි. ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කොට්ඨාසය තුළ සිදුකළ වැටලීම් 334ක් සඳහා ද අධිකරණ  ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධව දැනුවත් කිරීම් වැඩසටහන් දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක කළ බවත් ඒ මහතා පැවසීය.

2017 වර්ෂය සඳහා දහම්පාසල් සිසුන් හා විශ්වවිද්‍යාල සිසුන් දැනුවත් කිරීම සඳහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සූදානම් කර ඇති බවත්  ඒ සම්බන්ධව වාර්තාව ඉදිරිපත් කරමින් සහකාර දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය. 



අදහස් (0)

සංචාරකයන් වැඩි වෙද්දී ගාල්ලේ තිතට මත

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31354 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13570 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 968 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site