(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හොරණ සහ පිළියන්දල ප්‍රදේශවල නිවාස 5ක් කොල්ල කා සැඟව සිටි, දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු හොරණ හල්තොට ප්‍රදේශයේ නිවසකදී අද(01) අත්අඩංගුවට ගත් බව මිරිහාන හා විශේෂ අපරාධ විමර්ශන ඒකකය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු 32 හැවිරිදි පුද්ගලයෙකි.
රුපියල් ලක්ෂ එකහමාරකට ආසන්න මුදලක්, පවුම් දහයකට අධික රන් ආභරණ සහ කැමරාවක් ද ඔහු සතුව තිබී සොයාගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා 1996දී ඇල්පිටියේ කළ සොරකම් ගණනාවකට බන්ධනාගාර ගතව සිටි අයෙකු බවද අනාවරණය වී ඇත.
මොහු ඇල්පිටිය පොලිසියේ ලියාපදිංචි අපරාධකරුවකු බවද, මීට වසර කිහිපයකට ඉහතදී විදේශ ගතව සිට මෙරටට පැමිණ ඇති බවද, මත්කුඩු පානයට ඇබ්බැහි වී ඇති බවද සොරාගත් දේපළ මොරටුව සහ පිළියන්දල ප්‍රදේශවල උකස් මධ්‍යස්ථානවලට උකස් කර ඇති බවද පොලිසිය කියයි.
සැකකරු කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සැඟව සිටි ලියාපදිංචි අපරාධකරුවකු අල්ලයි