IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සංගිලි දැල් කට්ටල 2 ක් සමඟ ධීවරයින් 4 දෙනෙකු අත්අඩංගුවට

(පද්මා කුමාරී කංකානම්ගේ )

වලංගු ධීවර මෙහෙයුම් බලපත්‍ර නොමැතිව පුත්තලම කළපුවේ තිරික්කපල්ලම ප්‍රදේශයේ ධීවර කටයුතුවල නියැලුණු ධීවරයින් 4 දෙනෙකු සංගිලි දැල් කට්ටල දෙකක් සමඟ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ  පුත්තලම කාර්‍යාලයේ නිලධාරීන් විසින් අද(31) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වැටලීමට පුත්තලම තම්බපණ්ණී නාවික හමුදා නිලධාරීන් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ නිලධාරීන්ට සහාය ලබා දී ඇත.

1996 අංක දෙක දරන ධීවර පනත අනුව සංගිලි දැල් භාවිතය තහනම් බවත් පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍රනායක මහතා පවසයි. විශේෂයෙන්ම කළපු පතුලට හාණි සිදුවන මෙම දැල් මගින් කුඩා මසුන් මෙන්ම මසුන්ගේ බිත්තර ද විනාශ වන බව ඒ මහතා වැඩි දුරටත් පැවසීය

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ භාණ්ඩ පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

සංගිලි දැල් කට්ටල 2 ක් සමඟ ධීවරයින් 4 දෙනෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site