IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සෙංගමුව වනය ඩෝසර් කළ දෙදෙනෙක්ට ඇප

(අජිත්ලාල් ශාන්තඋදය සහ ප‍්‍රියනාත් චන්‍ද්‍රපාල)

පොතුවිල් ආරුගම්බේ කලපුවට උතුරින් පිහිටි සෙංගමුව රජයේ වනාන්තරය ඩෝසර් කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් පොතුවිල් ප‍්‍රාදේශීය සභාවේ රියදුරු සහ තවත් පුද්ගලයෙක්ට රුපියල් ලක්‍ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට පොතුවිල් මහේස්ත‍්‍රාත් එම්.එස්. මොහොමඩ් රාෆික් මහතා අද (26) නියෝග කළේය.

ඊට යොදාගත් පොතුවිල් ප‍්‍රාදේශීය සභාවට අයත් ජේසීබී යන්ත‍්‍රය රුපියල් ලක්‍ෂ 10 ඇප බැඳුම්කරයක් මත මුදාරින ලෙස මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියම කළේය.

මෙසේ ඇප මත නිදහස් කෙරුණේ පොතුවිල් විද්‍යාපුරම් හි පදිංචි පොතුවිල් ප‍්‍රාදේශීය සභාවේ ජේසීබී ක‍්‍රියාකාරුවකු වූ මොහොමඩ් හනීෆා සාෆීර් අරෆාන් සහ පොතුවිල් 5, ආටිමුණේ මොහොමඞ් ලෙබ්බේ අමුණුදීන් යන අයයි.

ලාහුගල අඩවිවන නිලධාරී කපිල ආරියරත්න මහතා බී වාර්තාවක් මගින් කරුණු දක්වමින් සැකකරුවන් දෙදෙනා සහ ජේසීබී යන්ත‍්‍රය අධිකරණයට ඉදිරිපත් කළේය.

සැකකරුවන් වෙනුවෙන් නීතීඥවරු කිහිප දෙනෙක්ම පෙනී සිටිමින් සැකකරුවන් ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටියහ. එසේම ජේසීබී යන්ත‍්‍රය ද මුදා හරින්නැයි නිතීඥවරු ඉල්ලා සිටියහ.

ඒ අනුව නැවත කඳවීම ඔක්තෝබර් 29 දිනට කල් තැබූ මහේස්ත‍්‍රාත්වරයා සැකකරුවන් සහ ජේසීබී යන්ත‍්‍රය ශරීර ඇප සහ බැඳුම්කර මත මුදාහැරීමට නියම කළේය.



අදහස් (0)

සෙංගමුව වනය ඩෝසර් කළ දෙදෙනෙක්ට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 106 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 623 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site