(සුජිත් හේවාජුලිගේ)
එජාප පත්කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළඳ ගිවිසුම පිළිබඳ කරුණු සොයා බැලීමට පත් කෙරුණු ජනපති කමිටුව හමුවේ පෙනි සිටිමින් ඒ ගිවිසුමට එරෙහිව අද (30) සාක්ෂි දුන්හ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ අතුරලියේ රතන හිමියෝ පැවැසුවේ ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළඳ ගිවිසුමේ ඇති අහිතකර වගන්ති ගණනාවක් පිළිබඳව කමිටු සාමාජිකයින්ට පෙන්වා දුන් බවයි.
මෙම වෙළඳ ගිවිසුම පිළිබඳව අදහස් දැක්වීමට අවස්ථාව දෙන්නැයි රතන හිමියෝ එම කමිටුවෙන් මීට පෙර ඉල්ලීමක් කර තිබිණි. අද ඒ සඳහා අවස්ථාව ලැබුණේ ඒ අනුවය.
ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළඳ ගිවිසුම පිළිබඳව කරුණු සොයා බැලෙන කම්ටුව අද රැස්වුණේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදීය.රතන හිමියෝ අද පස්වරු 5.45ට පමණ කමිටුව හමුවේ පෙනි සිටිමින් මෙසේ සාක්ෂි දුන්හ.
සිංගප්පූරු ගිවිසුම පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් මෙම කමිටුව පත් කෙරුණේ මීට සති කිහිපයක ඉහතදීය.
2025 දෙසැම්බර් මස 18
404
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
233
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිංගප්පූරු වෙළඳ ගිවිසුමට එරෙහිව රතන හිමියෝ සාක්ෂි දෙති
aravinda Thursday, 30 August 2018 09:02 PM
මේ ගිවිසුම දිහා බලන බොහෝ දෙනෙක් අද දකින්නේ තේ කෝප්පයේ පිහිනන කිඹුලන්.
Bamunuarachchi Friday, 31 August 2018 02:54 AM
අපේ හාමුදුරුවනේ එහෙම කොරන්න එපා, බදු රහිතව බූරුවෝ ගෙවා ගන්න පුළුවන් වෙලාව.