IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


සෞඛ්‍ය උපදෙස් නොපිළිපැද්දැයි කුලියාපිටියේ අවන් හළක් වසා දමයි

( දිනේෂ් උපේන්ද්‍ර)                                                                                         

සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයෙන්  වෙළදසැල් වෙත ගොස් ලබාදුන් උපදෙස් අනුව කටයුතු නොකළැයි කුලියාපිටිය කදුරුගස්හේන පිහිටි අවන් හලක් වසා දැමීමට කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ වෛද්‍ය හා පරීක්‍ෂක කණ්ඩායම් අද(23)  පියවර ගෙන තිබිණ.
 
ඉකුත් සඳුදා ඇඳිරිනීතිය ඉවත් කිරීමත් සමග වෛද්‍ය කණ්ඩායම් සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් හා පොලිසිය ගොස් ආපන ශාලාවල ආහාර පාන ආදිය ලබාදියයුතු ආකාරය පිළිබද දැනුම්වත් කර තිබූ පසුබිමක ඊයේ (22) අදාළ වෙළඳ සැලෙහිම ලබාදී උපදෙස් වලට පටහැනිව යමින් ආහාරපාන ලබාදුන් බවට ලද පැමිණිල්ලක් මත නැවතත් එසේ නොකරන ලෙසට තරයේ අවවාද කර තිබූ පසුබිමක අද(23) යළි කළ පරීක්‍ෂාවේදී ආපනශාලාව තුළ ආහාරපාන භුක්ති විදීමට ඉඩ ලබාදීම හේතුවෙන් එසේ තාවකාලිකව වසා දැමීමට පියවරගත් බව නාගරික මහජන සෞඛ්‍ය පරීක්‍ෂක සංජය මහතා පැවසීය.

ඉදිරියේදීද සැලොන් ඇතුලු රූපලාවන්‍යාගාර හා ආහාරපාන ආදිය අළෙවි කරන ස්ථාන පිළිබද නිරන්තරයෙන් සොයා බලා කටයුතු කරන බවත් එම ක‍්‍රියාමාර්ග නිසා පාරිභෝගිකයා මෙන්ම අළෙවිකරුවන්ද සුරක්‍ෂිත බවත් හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.



අදහස් (1)

සෞඛ්‍ය උපදෙස් නොපිළිපැද්දැයි කුලියාපිටියේ අවන් හළක් වසා දමයි

Raveendra Thursday, 23 April 2020 01:03 PM

අහිංසක මහජනතාවගෙන් එකතුකර ගන්නා බදුමුදල් වලින් වැටුප් ලබන රජයේ නිලධාරින් වන ඔබලා එම මිනිසුන් වෙනුවෙන්ම තම වගකීම්, යුතුකම් නිසිලෙස ඉටුකිරීම පිලිබදව අපගේ අවංක ස්තුතිය ඔබලා වෙත පුදකරන්නෙමු. ඔබලාට යහපතක්ම වේවා !!!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 799 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2450 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1768 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site