එෆ්.අස්ලම්
සෞඛ්‍ය සම්පන්න දිවියක් නිසි පෝෂණයක් යන තේමාව යටතේ උපතේ සිට මරණය දක්වා නිරෝගීමත්ව පෝෂණය වියයුතු ආකාරය දැක්වෙන සෞඛ්‍ය අධ්‍යාපනික ප්‍රදර්ශනයක් බදුල්ල පළාත් මහ රෝහලේදී අද (23) ආරම්භ විය.
මිනිසෙකු උපතේ සිට මරණය දක්වා පෝෂණය විය යුතු ආකාරය,අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග,රෝග වලින් ආරක්ෂාකාරීවීම, බෝ නොවන රෝග, ඇතුළු සෞඛ්‍ය අධ්‍යාපනික උපදෙස් පිළිබඳ සමාජය දැනුවත් කිරීම මෙහි අරමුණ වී ඇත.
බදුල්ල පළාත් මහ රෝහලේ පෝෂණය හා සෞඛ්‍ය ප්‍රවර්ධන ඒකකය හා බෝ නොවන රෝග ඒකකවල සංකල්පයක් මත බදුල්ල පළාත් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය උපුල් කරුණාරත්න මහතාගේ මඟපෙන්වීමෙන් රෝහලේ හෙද හෙදියන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය එක්ව මෙම සෞඛ්‍ය අධ්‍යාපනික ප්‍රදර්ශනය සංවිධානය කර තිබිණි.
මෙම ප්‍රදර්ශනය අද (23) සිට සිකුරාදා (27) දක්වා බදුල්ල පළාත් මහ රෝහල් පරිශ්‍රයේදී පැවැත්වේ.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
සෞඛ්‍ය අධ්‍යාපනික ප්‍රදර්ශනයක් බදුල්ලේ