(ඩී.ජී.සුගතපාල)
තව්හිත් ජමාත් සංවිධානය සමග සෘජු සම්බන්ධතා පැවැත්වු බව කියන පුද්ගලයෙකු සහ තවත් අයෙකු ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගියදා දර්ගා නගරයේදී අත්අඩංගුවට ගන්නා ලද අයි.එස්.අයි.එස්.සංවිධානයට සම්බන්ධ බව කියන සැකකරු ගාල්ල මොරගොඩ ප්‍රදේශයේ පල්ලියකට කැඳවාගෙනවිත් දේශන පැවැත්වීමට උදව්කර ඇත්තේ ද මෙම සැකකරු විසින් බවට අනාවරණය වී ඇතැයිද පොලිසිය පවසයි.
ඒ අනුව මේ වනවිට ගාල්ල පොලිස් අධිකාරි කොට්ඨාසයෙන් අද (30) උදෑසන වනවිට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන්ගේ සංඛ්‍යාව 27කි.
ඔවුන් අතර ආගමික සංහිඳියාවට බාධාවන අයුරින් අන්තවාදි දේශන ඇතුළත් සංයුක්ත තැටි තොගයක් සහ ස්ටිකර් තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් තව්හිත් ජමාත් සංවිධානය සමග සෘජු සම්බන්ධකම් පැවැත්වූ බවට සැකකරන පුද්ගලයින් කිහිප දෙනෙක් සහ සිය අනන්‍යතාවය තහවුරු කර ගැනීමට අපොහොසත්වූ කිහිප දෙනෙක්ද වෙති.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
සැකකටයුතු තවත් 27 ගාල්ලෙන් අල්ලයි