(රංජිත් රාජපක්ෂ)
අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පාලනය වන හැටන් කොටගල ශ්‍රීපාද විද්‍යා පිඨයේ මුළුතැන්ගෙය තාවකාලිකව වසා දැමීමට අද (5) පියවර ගත් බව කොටගල මහජන සෞඛ්‍යය පරික්ෂක සෞන්දර් රාඝවන් මහතා පැවසීය.
එම විද්‍යා පීඨයේ අධ්‍යාපනය ලබන ගුරු අභ්‍යාසලාභීන් විසින් තමන්ට ලබාදෙන ආහාර පිරිසිදු නොවන බවත් මුළුතැන්ගෙය අපිරිසිදුව පවත්වාගෙන යන බවටත් මහජන සෞඛ්‍යය පරික්ෂකවරයාට ලබාදුන් පැමිණිල්ලක් අනුව මෙම පියවර ගැණිනි.
කොටගල සෞඛ්‍ය වෛද්‍යය අධිකාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා සහ තලවකැලේ ලිදුල නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා අද (5) පස්වරුවේ එම විද්‍යා පිඨයේ මුළුතැන්ගෙය පරික්ෂාවට ලක් කරනු ලැබිණි.
එම විද්‍යා පිඨයේ මුළුතැන්ගෙය පෞද්ගලික කොන්ත්‍රාත්කරුවකු විසින් පවත්වාගෙන යන අතර මීට ප්‍රථම ද එම විද්‍යා පිඨයේ මුළුතැන්ගෙය අපිරිසිදුව පවත්වාගෙන යාම පිළිබඳව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් අවවාද කර තිබිණි.
එම අධ්‍යාපන විද්‍යා පිඨය තුළ ගුරු අභ්‍යාසලාභීන් 400 ක් පමණ නේවාසිකව අධ්‍යාපනය ලබයි.

2025 දෙසැම්බර් මස 18
249
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
180
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රීපාද විද්‍යා පීඨයේ මුළුතැන්ගෙය තාවකාලිකව වසයි