IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වී සහතික මිල ඉහළ දැමීමේ සුදානමක්

වී සඳහා ලබාදෙන සහතික මිල ඉහළ දමන බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා අනුරාධපුර නොච්ච්යාගම හැලඹෑව වී ගබඩාව ජනතා අයිතියට පත්කරමින් පැවසීය.
 
කෘෂිකර්මාන්තයේ යෙදී සිටින ගොවීන් හට ඇතැම් විට කම්කරු සහ යාන්ත්‍රික උපකරණ වෙනුවෙන්  වැය කරනු ලබන කුලියේ උච්චාවචනයන් නිසා කන්නයෙන් කන්නයට රු. 2 කින් වත් වී කිලෝවක් සඳහා මිල ඉහළ දැමිය යුතු බවත් දැනට වී සදහා පවතින සහතික මිල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත් අමාත්‍යවරයා මෙහිදී කීය. 
 
ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මඟින් සෑම ගොවියෙක් සඳහාම නිවස තුළ වී ගබඩාවක් ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 5 ක මුදලක් 3% සහ 4%ක පොළී අනුපාතය යටතේ තමා ලබාදීමට බලාපොරොත්තු බවයි. ඒ සඳහා ප්‍රතිපාදන වෙන්කර ගැනීමේදී  ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ බිලියන 1.5 ක සංචිත මුදල් භාවිතා කළ හැකි බව අමාත්‍යවරයා කීය. 
 
හම්බන්තොට, කිළිනොච්චිය සහ අනුරාධපුර දිස්ත්‍රික්කයන්හි වී ටොන් 1000 ක් ගබඩා කර හැකි වී ගබඩා 3ක් තමන් මැදිහත්ව ඉදිකළ බවත්, ඉදිරියේදී වී අලෙවි මණ්ඩලය සතු ගබඩා ප්‍රමාණය තවත් වැඩිකරන බවත්, අතීතයේදී ගබඩා 2,000 ක් පමණ වී අලෙවි මණ්ඩලයට තිබුණද, දැනට වී අලෙවි මණ්ඩලය සතුව පවතින්නේ වී ගබඩා 200 ක් බවද අමාත්‍යවරයා මෙහිදී කීය.
 
දැනට පොළොන්නරුවේ වී සඳහා පවතින කීඩෑ උවදුරට විශේෂඥ කණ්ඩායමක් යොමු කර ඇති බවත්, ඒ සඳහා යාන්ත්‍රිකව නව තාක්ෂණය සමඟ උවදුර මර්දනයට  කෘමිනාශක යෙදිය හැකි ක්‍රමවේදයක් තිබේද යන්න සහ කීඩෑ උවදුර මර්දනය කිරීම සඳහා ක්ෂණික විසඳුම් ලබාගන්නා ලෙස උපදෙස් ලබාදුන් බව අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
 



අදහස් (0)

වී සහතික මිල ඉහළ දැමීමේ සුදානමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 203 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site