(අතුල බණ්ඩාර)
වෙඩි බෙහෙත් කොටන තුවක්කුවක් සහ බදින තුවක්කු 6 ක් ළඟ තබාගෙන සිටි ඔලුකරඳ වැව පාරේ පදිංචි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්බව කැකිරාව පොලිසිය පවසයි.
හතළිස් එක් හැවිරිදි මේ පුද්ගලයා විසින් වන සතුන් දඩයම් කිරීම සඳහා යොදාගත් බවට සැකකෙරෙන මේ තුවක්කු කැකිරාව පොලිසියේ දුෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබුනේ ඔවුන්ට ලැබුණු තොරතුරක් අනුවය.
අත්අඩංගුවට ගත මේ පුද්ගලයා , අද (07) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
මේ අතර , තන්තිරිමලේ පොලිසිය මගින්ද බඳින තුවක්කුවක් ළඟ තබාගෙන සිටි මානින්ගමුව,අන්දරවැව පදිංචි පුද්ගලයෙකු පෙරේදා සවස අත්අඩංගුවට ගෙන තිබුණි.එම පුද්ගලයා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd