(ජේ.කේ.එල් චාමින්ද)
සෞඛ්‍ය ආරක්ෂිතව ආහාර පරිහරණ පරිශ්‍ර පවත්වාගෙන ගිය වෙළඳසැල් හිමියන් 9දෙනෙකුට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කර ඇති බව යක්කලමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
මෙසේ නඩු පවරනු ලැබුවේ යක්කලමුල්ල නගරය, තල්ගම්පල, නාකියදෙණිය, මාගෙදර යන ප්‍රදේශවල හෝටල්, පලතුරු වෙළඳසැල් හා සිල්ලර කඩ පවත්වාගෙන ගිය 9 දෙනෙකුටය.
යක්කලමුල්ල හා බද්දේගම යන සෞඛ්‍ය නිලධාරී කාර්යාලවලට අනුයුක්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් කරන ලද පරීක්ෂාවකදි අහාර පරිහරණ පරිශ්‍ර නියෝග උල්ලංඝනය කරමින් වෙළඳසැල් පවත්වාගෙන ගිය හිමියන්ට නඩු පැවරීමට කටයුතු කර ඇත.
යක්කලමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී එච්. ඊ එස් සංජිත පටබැඳි, මහතාගේ උපදෙස් මත පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන එච්. ජී. පී. සමරවිර, කේ. පී. නවරත්න, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන ඩබ්. එම්. ජයසිංහ, ආර්. ඩබ්. බණ්ඩාර, ඕ. වයි. එස්. ආර්. ජයවීර, ඕ.කේ. ටී. ආර්. ජානක, පී. කේ. ගොඩගේ, ඩබ්. පී. සුනිල්, ජේ. ඉරේෂ් කුමාර, නිල රණසිංහ, යන නිලධාරීහු මෙම වැටලීමට එක්වූහ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
වෙළඳසැල් 9කට නඩු