(කේ. බුද්ධික කුමාරසිරි)
පාදුක්ක නගරයේ වෙළඳසැල් කිහිපයකට රාති‍්‍ර කාලයේ ඇතුළු වී භාණ්ඩ සොරකමේ යෙදුණු පුද්ගලයින් දෙදෙනෙකු මත්කුඩු සමග අද (13) සැකපිට අත් අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි.
පාදුක්ක පොලිසියට අනුයුක්ත පොලිස් බුද්ධි නිලධාරියෙකු ලද තොරතුරක් මත සැකකටයුතු පුද්ගලයෙකුගෙන් ප‍්‍රශ්න කිරීමේදී මෙම සොරකම් පිළිබඳව අනාවරණය වූ බවත් එම තොරතුරු අනුව සොරකම්වලට සහයෝගය දැක් වු තවත් පුද්ගලයෙකු ද සැකපිට අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.
මෙම සැකකරුවන් පාදුක්ක නගරයේ පිහිටි ජංගම දුරකථන උපාංග අලෙවිසලකින් දුරකථන, රථ වාහන අලුත්වැඩියා මධ්‍යස්ථානයකින් රුපියල් 80,000ක් පමණ වටිනා වාහන බැටරි සහ නිවසකින් රුපියල් 20,000ක මුදලක් සොරාගෙන ඇත.
සැකකරුවන් සතුව තිබී හෙරොයින් මත් කුඩු මිලි ග‍්‍රෑම් 1200 ක්ද තිබූ බවද පොලිසිය පවසයි.
සැකකරුවෝ පාදුක්ක සහ මිරියගල්ල ප‍්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි පුද්ගලයෝ වෙති.
සැකකරුවන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 16
49
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
842
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වෙළඳසැල් 2ක් කොල්ල කෑ දෙදෙනෙක් අල්ලයි