(නිමල් ජයරත්න)
පොළොන්නරුව - දිඹුලාගල ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය දලුකාන ප්‍රදේශයේ පලතුරු වෙළඳසැලකට අද(29) අලුයම කඩාවැදුණු වන අලියකු එහි තිබූ පලතුරු කා වෙළඳසැලට හානිකර පලාගොස් ඇත.
හානි වූ පලතුරුවල වටිනාකම රුපියල් 30,000ක බව එහි හිමිකාරිය පැවසුවාය.
මේවනවිට අවස්ථා 10කදී පමණ වනඅලි පැමිණ තම වෙළඳසැලට හානි කර ඇති බවත් මේ පිළිබදව මනම්පිටිය වනජීවී කාර්යාලයට තමා පැමිණිලි කර ඇති බවත් එහි හිමිකාරිනිය වන ජේ.එම්. මානෙල් කුමාරි මහත්මිය පැවසුවාය.
මෙම වනඅලියා මනම්පිටය කුඩාවැව ප්‍රදේශයේ සැරිසරමින් නිවාස බිඳ බත් සහ පලතුරු කෑමට හුරුව සිටින බවද ඇය කීවාය.
යම් මිනිස් ඝාතනයක් සිදුවීමට පෙර මෙම වනඅලියා ප්‍රදේශයෙන් පලවා හැරීමට කටයුතු කරන ලෙසද ඇය ඉල්ලා සිටියාය
මනම්පිටිය වනජීවී කාර්යාලයේ නිලධාරියෙකු පැවසුවේ මෙම අලියා දලුකාන යුද හමුදා කඳවුරෙන් බැහැර කරන බත් සහ පලතුරු කෑමට හුරුවී සිටින බවය.
වෙළඳසැලට හානි වීම සම්බන්ධයෙන් මානෙල් මහත්මිය තම කාර්යාලයට පැමිණිලි කර ඇතැයිද එම වන අලියා ප්‍රදේශයෙන් ඉවත්කිරීමට කටයුතු කරන බවද මනම්පිටිය වන සත්ව අඩවි ආරක්ෂක පී.ඩී. සුනිල් ශාන්ත මහතා පැවසීය.



2025 දෙසැම්බර් මස 16
106
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
623
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වෙළඳසැලට කඩාවැදුණු වන අලියා පලතුරු කා පලා යයි