IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වළක දිය නාමින් සිටි දරුවෙක් ගීලී මිය යයි

 ( හිරාන් ප්‍රියංකර ජයසිංහ)


පුත්තලම තරුණ ව්‍යාපාරය  ප්‍රදේශයේ ඩෝසර් යන්ත්‍රයකින් කැපු ගැඹුරු වළක දිය නාමින් සිටි 11 හැවිරිදි දරුවකු  අද  (23 ) දින දහවල්  දියේ ගිලි මියගොස් ඇතැයි පුත්තලම පොලිසිය පවසයි.


 මෙසේ මරණයට පත්ව ඇත්තේ මදුරන්කුලිය වේලාසිය විද්‍යාලයේ මෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනි සිටි 11 හැවිරිදි අවිෂ්ක සදරුවන් රාජපක්ෂ නැමති කිවුල තරුණ ව්‍යාපාරය ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවකු බව පොලිසිය පවසයි. 

 මරණයට පත් දරුවා තවත් යහළුවන් දෙදෙනෙකු සමඟ අද (23) දින උදෑසන තම මවගේ පියා ( සීයා ) සමඟ ඔහු මුරකාර සේවයේ යෙදි සිටින පුද්ගලික ඉඩමකට ගොස් ඇති බවත් එහිදි අදාල ඉඩමේ ඩෝසර් වලින් කැපු වලකින් දිය නාමින් සිටියදි මෙසේ ගිලි ඇති බව කියයි. 


 දරුවන් තිදෙනා දිය නෑ වල ආසන්නයේ සීයා සහ තවත් අයෙකු අදාල ඉඩමේ පොල් ගස්වලට ජලය යෙදිමට බවුසරයකින් ජලය අදමින් සිටි බවත් ඒ වන විට ජලය පොම්ප කිරිමට යොදා ගත් වතුර මෝටරයේ සිදුවු කාර්මික දෝශයක් සකසමින් සිටියදි දරුවන් අදාල ඩෝසර් වලේ දිය නා ඇති බවත් පුත්තලම කළ  විමර්ශණ වලදි හෙළිවි තිබේ . 


මරණයට පත් දරුවා සමග තවත් දරුවන් දෙදෙනෙකු ඩෝසර් වලේ දිය නාමින් සිට ඇති බවත් එක් දරුවකු කළින් ගොඩට පැමිණ ඇති බවද කියයි.


මරණයට පත් දරුවා සහ තරිදු නිරෝෂන් නැමති දරුවා වල තුළ දිය නාමින් සිටියදි දෙදෙනාම එකවර දියේ ගිලි ඇති නමුත් තරිදු නිරෝෂන් දරුවා වලේ පස් කණ්ඩියක එල්ලි දිවි බේරා ගෙන තිබේන අතර මරණයට පත් දරුවා දියේ ගිලි නොපෙනි ගිය බව දිවි බේරා ගත් දරුවා පවසයි. 


 පස් කන්ඩියේ එල්ලි දිවි බේරා ගත් තරිදු තම යහළුවා දියේ ගිලෙන බවට සීයාට කෑගසා ඇති නමුත්  වතුර මෝටරයේ ශබ්දයට එය ඇසි නැති බවද මරණයට පත් දරුවාගේ සීයා වන (57 ) හැවිරිදි සිසිර කුමාරසිරි මහතා පවසයි. 

 ඒ පිළිබදව අදහස් දක්වමින් සිටි මරණයට පත් දරුවාගේ සීයා වන සිසිර කුමාර සිරි (57 ) මහතා 


“ මේ ඉඩම බලා හදාගෙන ඉන්නේ මම නියගය දරුණු නිසා ට්‍රැක්ටරයෙන් පොල් ගස් වලට වතුර දානවා . මේ දරුවොත් නිතරම එනවා . එයාල වතුර වල ලග සිටියා මම දැක්කා වතුර මෝටරය කැඩිලා නිසා මම තවත් අයෙක් එක්ක එක හදමින් පණ ගන්වා තිබුනේ . මේ දරුවෝ ගිලිලා තිබේන්නේ එතකොට . කොහොම හරි තරිදු පුතා ගොඩට ඇවිත් කෑගැසුවා අවිෂ්ක වලේ ගිලුනා කියලා . මට හිතා ගන්න බැරිව ගියා මම එකපාරම පැනලා වතුරේ යට දරුවා සෙව්වා . සැහෙන වේලාවක් මම උත්සහ ගත්තා කොහොම හරි අඩි 10 කට විතර යටින් ගිලි තිබුන දරුවාව මම ගොඩට ගෙනාව . දරුවා සිහිය තිබුනේ නැහැ .ඒ එක්කම දරුවා පුත්තලම රෝහලට අරන් යන්න කටයුතු කලා ,, යැයි ඔහු පැවසිය.

 

පුත්තලම රෝහලට ඇතුලත් කරන විටත් දරුවා මරණයට පත්ව සිටි බව රෝහල් බළධාරින් පවසයි. පුත්තලම මුලික රෝහලේදි මරණයට පත් දරුවාගේ පියා සහ එකම සොහොයුරිය විලාප දෙන ආකාරය රෝහලට පැමින සිටි බොහෝ දෙනෙකු කම්පාවට පත් කර තිබුණි. 



අදහස් (0)

වළක දිය නාමින් සිටි දරුවෙක් ගීලී මිය යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 416 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site