IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වාහනයක ගැටී කොස්තාපල්වරයෙක් මරුට

 

( දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර පුත්තලම මාර්ගයේ ළිඳවැව දේවාලය අසළදී වාහනයක හැපීමෙන් පොලිස් කොස්තාපල්වරයෙකු  අද(10) උදෑසන මිය ගිය බව නොච්චියාගම පොලිසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ අංක 30 කණුව, ළිඳවැව, නොච්චියාගම යන ලිපිනයේ පදිංචිව සිටි පල්ලියගුරුගේ හර්ෂ බුද්ධික(32)නමැති පොලිස් කොස්තාපල්වරයෙකි.

මියගිය පොලිස් කොස්තාපාල්වරයා ඕමන්ත පොලිසියට අනුයුක්තව සේවය කරන්නෙකි. ඔහු  සිය සේවාව නිම කර නිවාඩු ලබා නොච්චියාගම නිවසට බස් රථයකින් පැමිණ අද (10) ළිඳවැව දේවාලය අසළින් බැස ඇති බව පොලිසිය පවසයි.

එම අවස්ථාවේදී අනුරාධපුරය දෙසින් පැමිණි වාහනයක ගැටී බරපතල තුවාල ලබා සිටියදී එම ස්ථානයෙන් ගමන්ගත් පුද්ගලයෙකු ඒ බව පොලිසියට දන්වා ඇත. අනතුරුව පොලිස් නිලධාරින් පැමිණ මෙම පොලිස් කොස්තාපල්වරයා රෝහලට ඇතුළත්  කිරීමට කටයුතු කළද එහිදී ඔහු මියගිය බව පොලිසිය සඳහන් කළේය.

 



අදහස් (0)

වාහනයක ගැටී කොස්තාපල්වරයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site