(රොමේෂ් මධුෂංඛ)
වවුනියාව පණික්කන්කුලම් ප්‍රදේශයට ඊයේ (28) රාත්‍රියේ ඇදහැලුණු වර්ෂාවත් සමග බලපෑ සුළි කුණාටුව හේතුවෙන් නැවත පදිංචිකරුවන්ගේ නිවාස 30කට ආසන්න ප්‍රමාණයකට හානි සිදුව ඇති බව වවුනියා වැසියෝ පවසති.
මිලිමීටර් 100 කට අධික වර්ෂාපතනයත් සමඟ මෙසේ සුළි සුළං තත්වය ඇතිව තිබෙන අතර නැවත පදිංචිකරුවන්ගේ නිවෙස්වල වහල සම්පූර්ණයෙන්ම ගැලැවී ගොස් ඇති අතර ඇතැම් නිවාස වෙත ගස් කඩා වැටී ඇති බවද ඔවුහු කියාසිටිති.
සුළං ඇති වන අවස්ථාවේදී කිසිවෙකුටත් හානි සිදුව නොමැත.
එම නිවාස හිමි ජනතාව නිවෙස් වෙතින් ඉවත්කිරීමට පියවර ගෙන ඇත.
සුළි කුණාටුව හේතුවෙන් හානි වූ පවුල්වලට සිදුව ඇති විපත පිළිබඳව සොයා බලා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට වවුනියාව ආපදා කළමනාකරන නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
වැසි - සුළි කුණාටු නිසා වවුනියාවේ නිවාස 30 කට දැඩි හානි