IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වැසි සහිත සුළං නිසා කිරිඉබ්බන්ආර නිවාස රැසක් විනාශයි

(දිලීප් ජයසේකර  සහ කේ. පී. සුමනදාස)
 
සෙවනගල කිරිඉබ්බන්ආර, දිවුලාන, හබරුගල, රන්වැලිගම, කිරිවැව ඇතුළු ප්‍රදේශ රැසකට ඊයේ (29) සවස ඇදහැලුණු වර්ෂාවත් සමඟ හමාගිය දැඩි සුළඟ හේතුවෙන් නිවාස 15කට දැඩි හානි සිදුව ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
 
නිවාසවලට අමතරව ඔවුන් වගා කර තිබූ කෙසෙල් වගාවේ අක්කර 500ක පමණ ප්‍රදේශයක්ට හානි සිදුව තිබිණි.
 
වර්ෂාවත් සමග හමා ආ සුළග හේතුවෙන් විශාල ගස් කඩා වැටීම නිවාස දෙකකට පූර්ණ හානි සිදුව ඇති අතර තවත් නිවාස 15කට පමණ අර්ධ හානි සිදුව තිබේ.
 
විශාල ප්‍රමාණයේ කොහොඹ, තේක්ක හා පොල් ගස් කඩා වැටීම හේතුවෙන් ප්‍රදේශයේ මාර්ගද සම්පූර්ණයෙන් වැසී ගොස් තිබුණි. මේ හේතුවෙන්  තමන්ට ආරක්ෂිත ස්ථාන වෙත ගමන් කිරීමට සිදු වූ බව ප්‍රදේශවාසීහු පැවසූහ.
 
 එස්. පී. එච්. අයිරාංගනී මහත්මිය මෙසේ පැවසුවාය.

“මමයි දුවයි විතරයි ගෙදර හිටියේ. එක සැරේටම මහා වැස්සත් එක්ක සුළඟක් ආවා. ගේ ඉස්සරහා තිබුණු තේක්ක ගහ බිමට ඇදගෙන වැටුණා. මම දරුවත් අරගෙන වැස්සෙම ගෙයින් එළියට පැන්නා. මගේ ගෙයි වහල උඩට එක ගහක් කඩාගෙන වැටුණා. සුළං ඉවර වුණාම අල්ලපු ගෙදරට ගියා. යනකොට එහෙටත් ගස් කඩාගෙන වැටිලා. කුලී වැඩ කරලා හදා ගත්ත ගේ විනාඩි ගණනක් ඇතුළත විනාශ වෙලා ගියා” යැයි ඇය සඳහන් කළාය.
 
 “එක සැරේටම වැස්සත් එක්ක සුළගත් ආවා. මට ලොකු බයක් ඇති වුණා. මම දරුවගේ ගෙදරටවත් යන්න කියලා එළියට ඉහින්න හදනකොටම දොරකඩ ළඟට මහ අත්තක් කඩාගෙන වැටුණා. පිටිපැත්තේ දොරෙන් එළියට බහිද්දි කොහොඹ ගහ ගේ උඩට කඩාගෙන වැටුණා. මට මතක එච්චරයි. මට සිහිය එනකොට මගේ දරුවා ඇවිත් මාව අස්සගෙන අරගෙන ගිහිල්ලා. මගේ ගේ සම්පුර්ණයෙන්ම යට වෙලා විනාස වුණා” යැයි එල්. ඒ. දයාවතී මහත්මිය පැවසුවාය.

 



අදහස් (0)

වැසි සහිත සුළං නිසා කිරිඉබ්බන්ආර නිවාස රැසක් විනාශයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32267 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14763 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 81 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 357 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1278 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site