IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වැසි වතුර නිසා කල්පිටියේ ගමක් අසීරුතා රැසක


හිරාන් ප්‍රියංකර ජයසිංහ

මාසයකට ආසන්න කාලයක් තිස්සේ මහ වැසි වලින් ගලා ආ ජල කඳ කල්පිටිය කරඹ ගම්මානයේ රැඳී තිබීම නිසා ගම්වාසීහු අපහසුතාවට පත්ව සිටිති.

මෙම ගම්මානයේ නිවාස 20කට ආසන්න ප්‍රමාණයක සිටින ජනතාව මෙයින් පීඩාවට පත්ව ඇති බවත් ජලය බැස යාමට තිබෙන ඇළ මාර්ග පිරිසක් අවහිර කරමින් ඇති බවත් ඔවුහු පවසති.

මාසයකට ආසන්න කාලයක් තිස්සේ වැසි ජලය එකතු වී ඇතත් කිසිම රාජ්‍ය නිලධාරියකු මෙය සොයාබැලීමට ඉදිරිපත් නොවූ බවත් ඔවුහු පවසති. 

 මාර්ග ඇතැම් ස්ථානවල  අඩියක් දෙකක් පමණ ජලයෙන් යටවී ඇති හෙයින් තම නිවෙස් වෙත ගමන් කිරීමට පවා නොහැකි තත්ත්වයක් මතුවීමත්, මැසි මදුරු උවදුරට ලක්වීමත්, වැසිකිලි උතුරා යාමත් වැනි සෞඛ්‍ය සම්බන්ධ කරුණු වලට මුහුණ දීමට ඇතැයි ද පෙන්වා දෙති.

මේ පිළිබඳව ඒ. එම් . අනුෂා චාමලී මහත්මිය මෙසේ කීවාය.

 “වැසි කාලයට එකතු වන ජලය ගලායාමට තිබුණ ඇළ මාර්ග වසා දමා ඒ උඩින් ගොඩනැගිලි ඉදි කරලා. මේ ගැන ග්‍රාම නිලධාරි මහත්තයාට වාර ගණනාවක් දැනුම්දුන්නත් ඔහු ඒ ගැන සොයා බැලුවේ නැහැ. මාසයක ඉදලා මේ වතුර ගම්මානයේ රැඳිලා තිබෙනවා.”

මේ පිළිබඳ විමසීමේදී  පුත්තලම අතිරේක දිස්ත්‍රික් ලේකම් එච්. එම්. එස්. පී. හේරත් මහතා  පැවසුයේ පැවසුයේ තමා ඒ සම්බන්ධව කිසිවක් දැන නොසිටි බවත් කඩිනමින් ඒ පිළිබඳව සොයා බලන බවත්ය.



අදහස් (0)

වැසි වතුර නිසා කල්පිටියේ ගමක් අසීරුතා රැසක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 340 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1004 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site