(ඩී.ජී.සුගතපාල)
වීසා නොමැතිව රැඳි සිටියදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරසිටි එංගලන්ත යුවළක් ඇප මත මුදා හැරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (08) නියෝග කළේය.
එක් අයෙකු රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට එහිදී නියෝග කර ඇත.
මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ චාර්ල්ස් සහ කැත්රිනා යන සංචාරකයන් දෙදෙනාය.
වීසා නොමැතිව හබරාදුව පොලිස් වසමේ හප්පාවන ප්‍රදේශයේ ඔවුන් නතරව සිටියදි ඉකුත් 6වන දින හබරාදුව පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.
මේ අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට ගිය හබරාදුව පොලිසියේ කාන්තා උප පොලිස් පරීක්ෂකවරියකට විත්තිකාර විදේශික යුවළ එම අවස්ථාවේ සාපරාධී බලහත්කාරය පා පහරදී ඇති බවද පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.
එම පහරදීමේ නඩුව 27 වනදිනට කල් තැබු මහේස්ත්‍රාත්වරයා එදිනට අධිකරණයේ පෙනී සිටින ලෙස පැමිණිල්ලේ සාක්කිකාරියට නොතිසි නිකුත් කිරීමටද නියෝග කළේය.
විත්තිකරුවන් වෙනුවෙන් රජින්ද්‍ර නාරංගොඩ, විශ්වනාථ අරඹේවෙල, විශ්ව ගුණරත්න යන මහත්වරුන් පෙනී සිටි අතර හබරාදුව පොලිසියේ සැරයන් විමල් (32012) මහතා පැමිණිල්ල මෙහෙයවන ලදී.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
වීසා නොමැතිව සිටි එංගලන්ත යුවළට ඇප