IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


වැසි නොමැතිවීමෙන් වව්නියාවේ වී අස්වැන්න අඩුවෙලා


         

(රොමේෂ් මධුෂංඛ)

නිසි කාලයට  වැසි  නොලැබීම  නිසා  වව්නියාව දිස්ත්‍රික්කයේ මෙවර මහ කන්නයේ වී අස්වැන්න මෙට්ට්‍රික්ටොන්  45,000ට ආසන්න ප්‍රමාණයක්ම අඩුවී ඇති බවට වව්නියාව දිසාපති සෝමරත්න විධානපතිරණ  මහතා පැවසීය.

වව්නියාව දිස්ත්‍රීක්කයෙන් වාර්ෂිකව වගා කෙරෙන කුඹුරු අස්වැන්න දළ වශයෙන් මෙට්ට්‍රික්ටොන් 72,727 ක් වුවද  මෙවර මාස් කන්නයේ  බලාපොරොත්තු විය හැක්කේ මෙට්ට්‍රික්ටොන් 27,738 ක් බවත්  ඇතැම් විට එය තවත් අඩු විය හැකි බවත් දිසාපතිවරයා සදහන් කළේය.

වව්නියාව දිස්ත්‍රික්කයේ සාමාන්‍ය වශයෙන් කුඹුරු හෙක්ටයාර් 19,810 ක් වගා කෙරෙන නමුත් මෙවර වගා කිරීමට හැකි වුනේද 12,080 ක් පමණක් වූ අතර හෙක්ටයාර් 7730 ක් වගා කිරීමට නොහැකි වී ඇත්තේ වැව්හි ප්‍රමාණවත් ජලය නොමැති වීම හා  වර්ෂාව නොලැබීම යන හේතු නිසා බව  දිසාපතිවරයා වැඩිදුරටත් සහන් කළේය.



අදහස් (0)

වැසි නොමැතිවීමෙන් වව්නියාවේ වී අස්වැන්න අඩුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 762 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site