(අනීෂා මානගේ)
වැසි සහිත කාලගුණය හේතුවෙන් අද(31) වන විට හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 573ක පුද්ගලයන් 1976 දෙනකු පීඩාවට පත්ව සිටින බව දිස්ත්‍රික් ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි.
හම්බන්තොට සාමෝදාගම විහාරස්ථානය, සීතාරාමය, වීරකැටිය කපුගම්පොත පුරාණ විහාරයේ සහ කිරින්ද සුළු ධීවර ප්‍රජා ශාලාවේ පිහිටුවා ඇති කඳවුරු හතරක අවතැන් වූ පුද්ගලයන් රඳවා සිටි අතර වීරකැටිය කපුගම්පොත විහාරස්ථානයේ සිටි පිරිස යළිත් නිවෙස් බලා පිටව ගොස් තිබිණි.
පුද්ගලයන් 250 දෙනකු අවතැන් කඳවුරුවල රැඳි සිටි බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය කියයි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජීවිත හානියක් හා තුවාල සිදුවීම් කිසිවක් වාර්තා වී නොමැත.
කිරම ඔය පිටාර ගැලීම හේතුවෙන් තංගල්ල - වීරකැටිය ප්‍රධාන මාර්ගය දින තුනක් තිස්සේ ජලයෙන් යටවී පවතින අතර මාර්ගය වසා තිබිණි. අද දින වන විට මාර්ගයේ ජලය තරමක් බැස ගොස් තිබීම හේතුවෙන් රථවාහන ගමනාගමනයට පහසුකම් සැලසී ඇත. නමුත් කුඩා වාහන ගමනාගමන කටයුතු අසීරුව පවතී.
බෙලිඅත්ත - වලස්මුල්ල මාර්ගය සහ කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගයේ ජලය අද සම්පූර්ණයෙන් බැස ගොස් තිබිණි.
ඊයේ දින වන විට විවෘත කර තිබූ මුරුතවෙල සහ කැකිරිඕබඩ ජලාශවල වාන් දොරටු අද දින වන විට වසා තිබූ බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය කියයි. දිස්ත්‍රික්කයේ ඇතැම් නිවාස තවමත් ජලයෙන් යටවී පවතී.


2025 දෙසැම්බර් මස 16
20
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වැස්සෙන් හම්බන්තොට 1976ක් පීඩාවට