(රොමේෂ් මධුෂංඛ)
අධික වර්ෂාපතනය හේතුවෙන් මන්නාරමේ ගම්මාන කිහිපයකට බලපා ඇති ගංවතුරෙන් පවුල් 95කට අයත් පුද්ගලයින් 356 දෙනෙකු විපතට පත්ව ඇති බවට මන්නාරම් ආපදා කලමනාකරණ ඒකකය පවසයි.
මන්නාරම ජීවපුරම්, සිම්රෝන් නගර්, ශාන්තිපුරම්, එමිල් නගර්, එලුත්තූර් ගම්මානවල වැසියන් මෙසේ ගංවතුර තත්වයන් හේතුවෙන් විපතට පත්ව ඇති අතර එම ප්‍රදේශයන්හි ගංවතුර තත්වයන් සතියක පමණ කාලයක් පැවතීමත් පවතින වර්ෂාවත් සමග ගංවතුර තත්වයන් වැඩි වෙමින් පවතින බවටද වාර්තා වෙයි.
අදාල ගම්මාන පිහිටි ප්‍රදේශයන්හි ජල කාණු පද්දති විධිමත්ව සැකසීමට කිහිප අවස්ථාවකදීම නගර සභාව දැනුවත් කළද වර්ෂාව ආරම්භ වන තුරුම කානු පද්දතී සකස් කිරීමට මන්නාරම් නගර සභාව කටයුතු නොකිරීම හේතුවෙන් ගංවතුර මෙසේ බැස නොයෑම හේතු වශයෙන් විපතට පත් ජනතාව පෙන්වා දෙති.
පවතින ගංවතුර තත්වයන් හේතුවෙන් කුඩා දරුවන්ටද සෞඛ්‍ය ගැටලු රැසක් ඇතිව තිබෙන අතරම දෛනික කටයුතු සියල්ලක්ම අඩපණ වී ඇති බවද විපතට පත් වැසියෝ කියති.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
වැස්සෙන් මන්නාරමේ පවුල් 95 ක් අවතැන්