(ප්‍රසාද් රුක්මල් )
බදුල්ල දිස්ත්‍රික්කයට දින තුනක් පුරා නොකඩවා පතිත වූ වර්ෂාවත් සමඟ අද (31) වනවිට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක පවුල් 81ක පුද්ගලයන් 308 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි.
නිවාස 63කට අර්ධ හානි සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මීට අමතරව නායයාමේ අවදානම් තත්ත්වයක් හේතුවෙන් ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 8ක් නිවෙස් වලින් ඉවත්කර තාවකාලිකව ඌව පරණගම මුස්ලිම් විදුහලේ ආරක්ෂිතව නවතා පහසුකම් ලබා දෙන බවද එම කාර්යාලයේ ප්‍රකාශයකු කීය.
මෙසේ පීඩාවට පත්වූ ජනතාවට බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මියගේ උපදෙස් මත අවශ්‍ය සහන සැලසීම සිදු කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රකාශයකු කීය.

2025 දෙසැම්බර් මස 16
20
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වැස්සෙන් බදුල්ලේ 308 ක් පීඩාවට