(ඩී.ජී.සුගතපාල)
පසුගිය දින කිහිපය තුළ ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවෙන් සහ මුහුදු රළ ගොඩගැලීමෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 22ක සාමාජිකයින් 39ක් පීඩාවට පත්ව ඇති බව ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි.
අක්මීමණ, අම්බලන්ගොඩ, බලපිටිය, හික්කඩුව, කඩවත් සතර, බෝපෙ පෝද්දල සහ හබරාදුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිරිසක් මෙසේ පීඩාවට පත්ව සිටිති.
කහව ප්‍රදේශයේ මුහුදු රළ ගොඩට ගැලීමෙන් බෝට්ටු දෙකකට හානි සිදුව ඇතැයිද ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි.
අක්මීමණ නිවාස 2කටද, බලපිටිය නිවාස 4ටකද, කඩවත් සතර එක් නිවසකටද, බෝපෙ පෝද්දල නිවාස 4කටද, හබරාදුව නිවාස 2කටද, හික්කඩුව ව්‍යාපාරික ස්ථාන 2කටද අර්ධ හානි සිදුව තිබේ.
පීඩාවට පත් පවුල් සඳහා අවශ්‍ය සියලුම සහන සැලසීමට පියවර ගෙන ඇති බවත්, හානියට පත් නිවාස සඳහා වන්දි ලබාදීමට කටයුතු කරන බවත් ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසුවේය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
වැස්සෙන් ගාල්ලේ පවුල් 22ක් පීඩාවට