(සිරංගිකා ලොකුකරවිට)
හදිසි ආපදා හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ පීඩාවට පත්වූ පුද්ගලයන් සංඛ්‍යාව 23,069 දක්වා ඉහළ ගොස් ඇති බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 18ක ග්‍රාම නිලධාරී වසම් 377 ක පීඩාවට පත්වූ පවුල් සංඛ්‍යාව 5940 කි. බද්දේගම සහ ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි අවතැන් වූ පවුල් 84ක පුද්ගලයන් 274 දෙනෙකු සුරක්ෂිත මධ්‍යස්ථාන හතරක රඳවා සිටිති.
දිසාපති සෝමරත්න විදානපතිරණ මහතා පවසන්නේ පීඩාවට පත්වූ සෑම පවුලක් සඳහාම රජයෙන් මූලික දීමනාවක් ලෙස රුපියල් 10,000 බැගින් ලබා දීම දැනටමත් ආරම්භ කර ඇති බවයි.
අද (26) උදෑසන සිට වැසි රහිත හිරු එළිය සහිත කාලගුණ තත්ත්වයක් දක්නට ඇති අතර ගිං ගඟ ඇතුළු අනෙකුත් ගංඟාවන්හි ජලය බැස යමින් පවතී. පහත් බිම් ප්‍රදේශවල ද වැසි ජලය බැස යමින් තිබෙන අතර මාර්ගවල ප්‍රවාහන කටයුතු ද අද දහවල් වනවිට ආරම්භ වී තිබිණි.
පීඩාවට පත්ව සිටින පුද්ලයන් සඳහා පිසූ ආහාර සහ පානීය ජලය ලබා දීම අඛණ්ඩව සිදුකරන අතර රෝග තත්ත්වයන් ඇතිවීම වළක්වා ගැනීමත් වසංගත රෝග පැතිරයාම වළක්වා ගැනීම සඳහාත් විශේෂ වෛද්‍ය කණ්ඩායම් සහ නාවික හමුදාවේ විශේෂ ඒකකයක් යොමු කර ඇති බව ද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත් සවස් කාලයේ යළි වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කර ඇත.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
වැස්සෙන් ගාල්ලේ පීඩාවට පත්වූ සංඛ්‍යාව ඉහළට