IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


වැස්සෙන් ගම්පහ එකළොස් දහසක් අවතැන්

(තිලකරත්න දිසානායක)

ගම්පහ දිස්ත්‍රික්කයට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඊයේ(24) දහවල් වන විට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහක ග්‍රාම සේවා වසම් 17 ක පවුල් 2,553 කට අයත් සාමාජිකයන් 11,105 දෙනෙකු පීඩාවට පත්ව සිටි බව ගම්පහ ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි.

ජාඇළ, වත්තල, කැලණිය, මහර හා මිනුවන්ගොඩ එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වන අතර අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර මෙන්ම සුළං තත්ත්වය ආපදාවන්ට හේතු වී ඇත.

ආපදාවට ලක් වූ වැඩි පිරිසක් කැලණිය හා වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්ට අයත් වන බවත් වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුද්ගලයන් 5,416 ක් , කැලණිය කොට්ඨාසයෙහි 5362 ක් සහ ජාඇල කොට්ඨාසේ පුද්ගලයින් 327 ආපදාවට ලක්ව සිටින බව ආපදා සහන සේවා මධ්‍යස්ථානය වාර්තා කරයි.

නිවාස අර්ධ හානි 07ක්ද වාර්තා වන අතර වැඩි සංඛ්‍යාවක් මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහිය. සුරක්ෂිත මධ්‍යස්ථාන 3 ක් ක්‍රියාත්මක කොට ඇත.

පීඩාවට පත්වූවන්ට ගම්පහ දිසාපති ඩබ්ලිව්.එස්.සත්‍යානන්ද මහතාගේ උපදෙස් පරිදි ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් ආපදා සහන සේවා ක්‍රියාත්මක කොට ඇත.

 



අදහස් (0)

වැස්සෙන් ගම්පහ එකළොස් දහසක් අවතැන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 169 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 372 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 160 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site