IMG-LOGO

2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා


වැස්සෙන් අම්පාරේ 40,000 ක් පීඩාවට

(වසන්ත චන්ද්‍රපාල)

අම්පාර දිස්ත්‍රික්කයට පවතින අධික වාර්ෂාව හේතුවෙන් 40,000 ක පමණ ජනතාවක් පීඩාවට පත්ව ඇති බව අම්පාර දිසාපති ඩී.එම්.එල්.බණ්ඩාරනායක මහතා අද (05) පැවසිය.

ආලයඩිවෙම්බු පෙර පාසලේ අවතැන් පවුල් 28 ක පුද්ගලයින් 79 දෙනෙක් සිටින අතර ඔවුන්ට පිසු ආහාර ලබාදිමට කටයුතු කර තිබේ.

අධික වාර්ෂාව හේතුවෙන් මහඔය රඹකැන්ඔය ජලාශයේ වාන් දොරටු දෙක  විවෘත කිරීමට වාරිමර්ග දෙපාර්මේන්තුව කටයුතු කරනු ලැබීය.

මෙම දොරටු දෙකෙන්  තත්පරයකට ඝන අඩි 600 බැගින් ජලය නිකුත් වෙන බව වාර්මාර්ග ‍දෙපාර්මේන්තුව කියයි.

අධික වර්ෂාව සමඟ ඉගිණියාගල සේනානායක සමුද්‍රයේ ජල මට්ටම අඩි 78 දක්වා ඉහළ ගොස් තිබේ දැනට එහි මුලු ජලධාරිතාවය අක්කර අඩි 296000 කි.

දිස්ත්‍රික්කයේ සියලුම ජලාශවල ජල මට්ටම සියයට හැත්තෑවක් පමණ ඉහළ ගොස් ඇති බව අම්පාර වාර්මාර්ග අධ්‍යක්ෂක සුදත් ගමගේ මහතා පැවසීය.

කොණ්ඩුවටුවාන ජලාශය වාන් දැමීම හේතුවෙන් අම්පාර ඉගිණියාගල මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට බාධා ඇතිවිය.

මළයාඩිය වැව වාන් දැමීම හේතුවෙන් අම්පාර එරගම මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට බාධා ඇති වූ අතර දමන අලහේන වැව වාන් දැමීම හේතුවෙන් දමන පාදාගොඩ මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට බාධා ඇතිවිය.

දිස්ත්‍රික්කයේ කුඹුරු විශාල ප්‍රමාණයක් ජලයෙන් යටවී තිබෙන අතර එය ප්‍රමාණයක් හැටියට මෙතෙක් ගණනය කර නොමැති බව අම්පාර දිසාපති ඩි.එම්.එල් බණ්ඩාරනායක මහතා පැවසීය.

විපතට පත් පවුල් සඳහා වියළි ආහාර ලබාදීමට පියවර ගන්නා  බවද ඒ මහතා සඳහන් කළේය.

දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ එක් නිවසක් කැඩි ගොස් ඇති අතර උහන  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස තුනක් කැඩි ගොස් තිබේ.

එම පවුල් සඳහා තාවකාලික වැසි ආවාරණ ලබාදීමට කටයුතු කල බවද දිසාපතිවරයා සඳහන් කළේය.

 

 

 

 



අදහස් (0)

වැස්සෙන් අම්පාරේ 40,000 ක් පීඩාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 402 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 194 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1897 4
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site