(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුරයට ඇදහැලුන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ජයන්ති මාවතේ පිහිටි අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලයේ රුපියල් ලක්ෂ 25 කට ආසන්න පරිගණක, දැව උපකරණ සහ වටිනා ලිපි ලේඛන රැසක් විනාශයට පත්ව තිබේ.
ජලයට හසුවීමෙන් කලාප කාර්යාලය තුළ විනාශයට පත්වූ භාණ්ඩ එම කාර්යාලයේ නිලධාරින් අද (1) පිරිසිදු කිරිමේ නිරතව සිටියහ.
අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටා ඇති කලාප කාර්යාලය පහත් මට්ටමේ ඉඩමක ඉදිකිරිම් හේතුවෙන් වැසි ජලය කලාප කාර්යාලය තුළට ගලා යාමෙන් මෙම දේපළ මෙසේ විනාශයට පත්ව ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා එම්.එම්.හෙට්ටි ආරච්චි මහත්මිය මෙසේ පැවසුවාය.
‘අවුරුදු ගණනාවක් දිගින් දිගටම කලාප කාර්යාලය වැස්සට,ගංවතුරට යට වෙනවා.මේකට හේතුව පහත මට්ටමේ ඉඩමක මේ ගොඩනැගිල්ල ඉදිකිරිම නිසයි. මේ ඉඩම පුරවන්න අවශ්‍ය නැත්නම් වෙනත් තැනක් මේ සඳහා අවශ්‍යයි. නාච්චාදුව වැව වාන් දැමූ විට කලාප කාර්යාලය ජලයෙන් යටවෙනවා. වැස්ස පටන් ගත්තා විතරයි. ඉදිරියේ දී මිට වඩා ජලය ගලන්න පුළුවන්.
පළාත් කාර්යාලයේ ඉඩමේ කලාප කාර්යාලයක් ඉදිකරමින් පවතිනවා. අවුරුදු හතරක් වෙනවා තාමත් එකේ වැඩ ඉවර නැහැ. මේ කලාප කාර්යාලය ජලයට යටවීමෙන් අපි දැඩි අපහසුතාවයකට පත්වෙනවා. හැම අවුරුද්දකම දෙවතාවක් තුන්වතාවක් මේවා පිරිසිදු කරන්න වෙනවා.
පරිගණක දහයක් විතර විනාශ වුණා. ලීබඩුත් විශාල ප්‍රමාණයක් හානිවුණා. සැලසුම්, සංවර්ධන අංශය මගේ නිල කාමරය, පාසල් සංවර්ධන අංශය, මේ ඔක්කෝම ජලයෙන් යටවුණා. අපේ කාර්ය මණ්ඩලයට මේ කාර්යාලය ප්‍රමාණවත් නැහැ. කලාපයේ ගුරුවරු 4200 ක් ඉන්නවා. විදුහල්පතිවරු අනධ්‍යන කාර්ය මණ්ඩලය අපි 5000 කට අධික පිරිසක් කලාප කාර්යාලයෙන් නඩත්තු වෙනවා.’

2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වැස්සෙන් අ’පුර කලාප කාර්යාලයේ භාණ්ඩ රැසකට හානි