IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වසර 18 කට පසු පුද්ගලයන් සිව් දෙනෙකුට මරණ දඩුවම

(දිලීප් ජයසේකර)

තිස්සමහාරාම උඩුවිල පුංචි පාලම අසලදී 65 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කළ සිව් දෙනෙකුට හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා අද (08) මරණ දඩුවම නියම කළේය.

මෙලෙස මරණ දඩුවම නියම වුයේ අක්කර අසූව,මෝල කැපුපතාන,උඩුවිල,තිස්සමහාරාමයේ පදිංචි 43 හැවිරිදි දඩල්ලගේ අමිල තරංග, 41 හැවිරිදි යද්දෙහි ගුරුගේ සුමිත් වසන්ත, 38 හැවිරිදි සුමිත් චින්තක හා 40 හැවිරිදි ගම්හේවගේ සුනිල් නොහොත් පොඩි පුතා නැමති සැකකරුවන් සිව් දෙනාටය.

සැකකරුවන්ගේ පහර කෑමට ලක්ව මියගියේ අක්කර අසූව, උඩුවිල, තිස්සමහාරාම පදිංචිව 65 හැවිරිදි ලන්දගේ ජයසේන නැමති අයෙකි.

සිද්ධය සිදු වූ දිනම සැකකරුවන් දෙදෙනෙකු තිස්සමහාරාම පොලිසිය  සහ තවත් සැකකරුවන් දෙදෙනෙකු බෙලිඅත්ත පොලිසිය අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් පස්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා හම්බන්තොට මහාධිකරණය හමුවේ නඩු පැවරූ අතර වසර 18කට පසු එහි තීන්දුව අද (08)දින ප්‍රකාශයට පත් කෙරුණි.

එහිදී ඉදිරිපත් වු සාක්ෂි සැළකිල්ලට ගත් මහාධිකරණ විනිසුරු තාමර තෙන්කෝන් මහතා පස් වන විත්තිකරු සියළු චෝදනාවලින්  නිදොස් කොට නිදහස් කල අතර අනෙකුත් සැකකරුවන් සිව් දෙනාට එරෙහිව ඉදිරිපත් වු සාක්ෂි සාධාරණ සැකයෙන් යුතුව ඔප්පුවීම හේතුවෙන් සැකකරුවන් සිව් දෙනාට මරණ දඩුවම නියම කළේය.



අදහස් (1)

වසර 18 කට පසු පුද්ගලයන් සිව් දෙනෙකුට මරණ දඩුවම

Nimal Friday, 08 February 2019 07:54 PM

අවුරුදු 18ක් පොල් ගැවද...

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 247 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site