IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වසර 18 කට පසු කාන්තාවක් සහ ඇගේ අනියම් සැමියා පෝරකයට

ටෝනි කරුණානායක

කඩවත ඇල්දෙනිය ප්‍රදේශයේදී නිවසේ නිදා සිටි සැමියාව තම අනියම් සැමියා සමඟ එක්ව වයරයකින් ගෙල සිරකර ඝාතනය කළ මරණ කරුගේ බිරිඳ වූ චීවරධාරී කාන්තාවකට සහ ඇයගේ අනියම් සැමියාට ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද (17) මරණීය දණ්ඩනය නියම කළේය.

40 හැවිරිදි තිදරු පියෙකු වූ කිංස්ලි සිරිමාන්න නැමැති පුද්ගලයාව ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණකරුගේ බිරිය වූ බෝපේ කංකානමලාගේ ශාන්ති නැමැති 53 හැවිරිදි විත්තිකාරියට සහ ගම්පහ පදිංචි ලියනගේ ලාලිත නැමැති 53 හැවිරදි විත්තිකරුට වසර 18 කට පසු මෙසේ මරණ දඬුවම නියම කෙරුණි.

1999.10.21 වැනිදා විත්තිකරු විත්තිකරුගේ අනු දැනුම ඇතුව කොල්ලකරුවන් පිරිසක් නිවසට ඇතුළු වී ඝාතනය සිදු කළ ආකාරයට ඒත්තු ගැන්වීමට කටයුතු කර තිබේ.

සැමියාගේ ඝාතනය සම්බන්ධයෙන් විත්තිකාරියක් වීමෙන් පසු විත්තිකාරිය මහණ වී ඇති බව අධිකරණයේදී සඳහන් විය.



අදහස් (1)

වසර 18 කට පසු කාන්තාවක් සහ ඇගේ අනියම් සැමියා පෝරකයට

Perakum Tuesday, 18 September 2018 04:56 AM

දරුවෝ තුන් දෙනෙක් හිටපු අම්මා කෙනෙක් නේ මේ අපරාධය කරලා තියෙන්නේ. මහණ වීමෙන් කල පව් සෝදා හැරිය නොහැකි බව ඔප්පු වේ. දැනටමත් අවුරුදු 18ක් තිස්සේ කොතරම් විඳවන්න ඇත්ද...? ජීවිතාන්තය දක්වාම එය එසේ වනු ඇත.

:       0       105

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site