IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


වසර දෙකකට පසු සවුදියෙන් එවූ සිරුර ගැන විවෘත තීන්දුවක්

(ප්‍රසාද් මුතුකඩ)


සවුදි අරාබියේ දී මිය ගොස් වසර දෙක හමාරකට පසු එවන ලද නරක් වූ කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරී රාහුල් හක් මහතා ඒ සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දුන්නේය. 


මෙලෙස මිය ගොස් ඇත්තේ  ඇමස්ට් වත්ත, උඩුපුස්ලෑව  පදිංචිව සිටි සන්නාසි සුප්පයියා වල්ලි අම්මා ( 56) දෙදරු මවකි. ඇය වසර 23ක් සෞදියේ සේවය කර ඇත. 
 
1995 වසරේදි හාලි ඇල දික්වල ප්‍රදේශයේ   විදේශ රැකියා නියෝජිතයෙකුගේ  මාර්ගයෙන් සවුදි අරාබියට  ගොස් ඇති  මෙම කාන්තාව 2015 දෙසැම්බර් 12 වැනි දා     එරටදී  මිය ගොස් ඇති බවට  ලද තොරතුරකට අනුව  ඇගේ  පුතෙකු  වන නඩරාජා  එල්වන් (36)   විදේශ  සේවා නියුක්ති කාර්යංශයට පැමිණිලි කර තිබිණි. 
 
සවුදි අරාබියේ දමාම්හි ගෘහ සේවිකාවක ලෙස සේවයේ නියුතුව සිටියදී  මිය ගිය කාන්තාවගේ සිරුර වසර දෙකහමාරකට පසු ඊයේ ඊ.වයි  264 දරණ ගුවන් යානයෙන් කටුනායකට එවා ඇත.      
 
ගුවන්තොටුපොළ පොලිසියේ දැනුම් දීම අනුව අධිකරණ වෛද්‍යවරයා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ  අතර සිරුර අධික ලෙස විනාශ වී ඇති හෙයින් මේ තම මවමදැයි සොයා බැලීමට ඩීඑන්ඒ පරීක්ෂණයක් සිදු කළ යුතු බව ඇගේ දරුවා ඇතුළු ඥාතීහු ඉල්ලා සිටියහ. 



අදහස් (0)

වසර දෙකකට පසු සවුදියෙන් එවූ සිරුර ගැන විවෘත තීන්දුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31586 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13948 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11084 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 168 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1096 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site