(බිඟුන් මේනක ගමගේ)
වෙසක් සමයේ දකුණු පළාතේ මත්ද්‍රව්‍ය හා නීතිවිරෝධී මත්පැන් වෙළෙඳාමේ නිරත වූ පුද්ගලයන් 37 දෙනෙකු අත්අඩංගුවට ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ‘ලංකාදීප’ යට පැවැසීය.
නව සුරාබදු කොමසාරිස් ජෙනරාල් එච්.ජී.සුමනසිංහ මහතාගේ උපදෙස් මත දකුණු පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය මගින් ගාල්ල, මාතර, දික්වැල්ල, වැලිගම, යක්කලමුල්ල හා හබරාදූව යන ප්‍රදේශවල මෙම වැටලීම් කර ඇත.
හෙරොයින්, ගංජා, කසිප්පු, සයිඩර් හා අරක්කු යන මත්ද්‍රව්‍ය හා මත්පැන් වෙළෙඳාමේ නිරතවූවන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර වෙසක් උත්සව සඳහා මත්පැන් සැපයීමට ළඟ තබාගෙන සිටි පිරිසක් ද ඔවුන් අතර වන බව එම නිලධාරියා කීය.
මෙම පිරිස අත්අඩංගුවට ගැනීමෙන් පසු හෙරොයින් හා ගංජා ළඟ තබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූවන්ගේ ඥාති පිරිසක් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයට පැමිණ එම නිලධාරීන්ට ස්තුති කළ බව ද එම නිලධාරියා සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගාල්ල හා මාතර අධිකරණවලට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වෙසක් සමයේ මත්ද්‍රව්‍ය - මත්පැන් අළෙවි කළ 37ක් අත්අඩංගුවට