IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


වැසිකිළි වළක් කපන මුවාවෙන් නිධන් හෑරූ 4ක් අත්අඩංගුවට

( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
 
ආණමඩුව පැරණි ගම්උදා භුමියේ නිවසක වැසිකිළියක් කපන මුවාවෙන් නිදන් කැණිමේ යෙදි සිටි සිව් දෙනෙකු නිදන් කැණිම සදහා යොදා ගත් උපකරණ තොගයක් සමඟ (29 ) අලුයම අත් අඩංගුවට ගත් බව නවගත්තේගම පොලිසිය කියයි.
 
මෙසේ අත් අඩංගුවට ගෙන තිබුනේ නිදන් කැණිමේ නිරතව සිටි නිවෙස් හිමිකාරියගේ පුත්‍රයා සහ තවත් තිදෙනෙකු බව  කියයි.
 
 අත් අඩංගුවට ගනු ලැබු සැකකරුවන් අදාල නිවසේ අඩි 10 ක් පමණ ගැඹුරට අඩි තුනකට ආසන්න පලලින් යුත් වළක් හරමින් සිට ඇති බව කියයි.
 
 නවගත්තේගම පොලිසියට ලැබුන තොරතුරක් මත අදාල වැටලිම සිදුකරන අවස්ථවේ නිදන් කැණිම් කටයුතු වල අදාල සැකකරුවන් නිරත වි සිටි බවද පොලිසිය පවසයි.
 
අත් අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටින නිවෙස් හිමිකාරියගේ පුත්‍රයා වසරකට පෙර ආණමඩුව නගරයේ මදිනා නැමති හෝටලයට පෙට්‍රල් බෝම්බ ගසා ගිනි තැබිමේ සිද්දියේ ප්‍රධාන සැකකරු බවද නවගත්තේගම පොලිසිය සනාථ කරගෙන ඇති බව කියයි.
 
 නිදන් කැණිමට යොදාගත් ගැනුන ගල් විදින යන්ත්‍රයන් ,උදළු , යකඩ ඉනි , බාල්දි , තාච්චි, සමග පුජාවන් සදහා යොදා ගත් බව කියන පළතුරු ,රස කැවිලි, බුලත් , මල් , සුවද කුඩු , හදුන්කුරු ඇතුළු බෝහෝ දෑ තිබු බව කියයි.



අදහස් (0)

වැසිකිළි වළක් කපන මුවාවෙන් නිධන් හෑරූ 4ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 43 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 838 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 607 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site