IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වැසිකිලි වළකින් ලක්ෂයකට අධික රබර් රොටී තොගයක් සොයාගනී

(එස් .ඩි .කොඩිකාර )
 
දෙනියාය පොලිස් බල ප්‍රදේශයට අයත්  විහාරහේන, රුක්මන් යාය ප්‍රදේශයේ  කඩාවැටුණු පාළු නිවසක වැසිකිලියක  තිබී රුපියල් ලක්ෂයකට අධික වටිනාකමින් යුත් හිමිකරුවෙකු නොමැති අලවිය සඳහා සකසා තිබූ  රබර් රොටී කිලෝ 330 ක් අද (5) සොයා ගත් බව දෙනියාය පොලීසිය කියයි.
 
පොලිස් කොට්ඨාස බුද්ධි අංශයට ලද තොරතුරක් මත මෙම රබර් රොටී තොගය වැසිකිලියේ  දමා වසා තිබියදී සොයා ගත් අතර පසුව ඉඩම් හිමිකරු එම ස්ථානයට පොලිසිය මගින් කැඳවා ප්‍රශ්න කිරීමේදී  ඔහු පවසා ඇත්තේ මෙම  රබර් රොටී තොගය තමන්ගේ නොවන බවත්  මේවා කවුරුන් කෙසේ   මෙම ස්ථානයට ගෙනැවිත් සඟවා තිබෙන බව තමන් නොදන්නා බවත් ය.
 
පසුව පොලිස් නිලධාරීන් විසින් එම රබර් රොටී තොගය දෙනියාය පොලිස් ස්ථානය වෙත රැගෙන ගිය අතර පොලිසිය සැක කරනුයේ ව්‍යාපාරික ස්ථානයකින් හෝ   රබර් කිරි නිෂ්පාදනය කරන ස්ථානයකින් කවුරුන් හෝ පුද්ගලයකු විසින් සොරකම් කරගෙන ගොස් ඒවා වැසිකිළියේ  දමා පසුව අලෙවි කිරීම සඳහා සඟවා ඇති බවට  පොලිසිය සැකපළ කරයි.
 



අදහස් (0)

වැසිකිලි වළකින් ලක්ෂයකට අධික රබර් රොටී තොගයක් සොයාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 220 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site