(ජේ.කේ.එල් චාමින්ද)
කොරෝනා වසංගතය මැඩපැවැත්විම සදහා විෂබීජනාශක දියර ඉසින ටැංකි 213 දකුණු පළාතේ පළාත් පාලන ආයතන වෙත බෙදාදිමට කටයුතු කර ඇති බව දකුණු පලාත් පාලන දෙපාර්තමේන්තුව පවසයි.
මේ තුළින් පලාතේ සියලු පොදු ස්ථාන විෂබීජහරණය කිරීමේ කටයුත්ත ප්‍රමුඛ කාර්යයක් ලෙස මේ මොහොතේ සියලු පලාත් පාලන ආයතන විසින් සිදු කරනු ලබන බවද පළාත් පාලන දේපාර්තමේන්තුව පවසයි.
මිට අමතරව රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතන හා මගී බස්රථ ද විෂබීජහරණය කිරීමේ කටයුතු පළාත් පාලන ආයතන විසින් සිදුකරණ බව පළාත් පලාත් පාලන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
එමෙන්ම මාලිම්බඩ ප්‍රාදේශිය සභාව රු. 1000/= ද්‍රව්‍ය මල්ලක් නිවසටම ලබාදීම සිදුකර ඇති අතර මේ වන වට ගාල්ල මහා නගර සභාවද ජංගම අලෙවිය ආරම්භ කර තිබේ.
වීරකැටිය ප්‍රාදේශිය සභාව තම මන්ත්‍රීවරුන් මගින් කොට්ඨාසයකට එක් ජංගම අලෙවි රථය බැගින් යැවීමට කටයුතු කර ඇති බවද පලාත් පලාත් පාලන දෙපාර්තමේන්තුව පවසයි.
අම්බලන්ගොඩ නගර සභාව, නාගොඩ, තංගල්ල, හම්බන්තොට, අක්මීමන, කොටපොල, අතුරලිය ආදී ප්‍රාදේශිය සභා රැසක් විසින් ද ප්‍රදේශයේ සතොස, සමූපකාර සමිති හා පෞද්ගලික තොග වෙළද ආයතන සම්බන්ධ කර ගනිමින් ජනතාවට ද්‍රව්‍ය සැපයීමේ ක්‍රමවේද සූදානම් කර ඇති බව දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස් සෙනක පල්ලියගුරුගේ මහතා පවසයි.
එමෙන්ම හික්කඩුව නගර සභාව, බෝපෙ පෝද්දල, නියාගම, වැලිගම හා බෙලිඅත්ත ප්‍රාදේශිය සභා විසින් වියලි ආහාර ද්‍රව්‍ය පාර්සලයක් අඩු ආදායම්ලාභී පවුල් වෙත නොමිලයේ ලබා දීමටද මේ වන විටත් කටයුතු කරමින් සිටින බවද පළාත් පාලන කොමසාරිස්වරයා සදහන් කළේය.
2025 නොවැම්බර් මස 04
830
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2472
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1777
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විෂ බීජනාශක දියර ඉසින යන්ත්‍ර 213ක් බෙදාදෙයි