(දියතලාව - ඩී.කේ.රත්න)
බණ්ඩාරවෙල නගරයේදී බණ්ඩාරවෙල පොලීසිය විසින් අද (30) උදැසන 4.00 සිට 6.00 දක්වා සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී විවිධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.
අධික ලෙස බීමත්ව රථවාහන ධාවනයේ යෙදීම බීමත්ව අශෝබන ලෙස හැසිරීම ආදී කරුණු සම්බන්ධයෙන් මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
බණ්ඩාරවෙල පොලිස් අධිකාරි අතුල ද සිල්වා සහ සහකාර පොලිස් අධිකාරි බී.එම්. දසනායක යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි බණ්ඩාරවෙල පොලිසියේ නිලධාරීන් විසින් මෙම විශේෂ සෝදිසි මෙහෙයුම සිදු කර තිබේ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
විශේෂ සෝදිසි මෙහෙයුමකින් 25ක් අත්අඩංගුවට